සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 541
ඛීර
1. වි. කිරි පිළිබඳව වූ; කිරිවලට සම්බන්ධ; කිරෙන් සාදන ලද.
2. වි. සුදු; ධවල; ශ්වේත.
නා.ප්‍ර. කිරි; ක්ෂීරය.
ඛීර පාෂාණ
නා.ප්‍ර. කිරි පැහැති එනම් සුදු පැහැති ගල් විශේෂයක්; කිරිවාණ.
ඛීලය
1. නා. උල; හුල; කූඤ්ඤය; කණුව.
2. නා. ග්‍රන්ථයක අගට එකතු කරනු ලබන අමතර කොටස; උප ග්‍රන්ථය; පරිශිෂ්ටය.
ඛීළනය
නා. නින්දාව; අපහාසය; අවඥාව; පරිහාසය; ගර්හාව.
ඛුංසනය
නා. නින්දා කිරීම; අපහාස කිරීම.
ඛුජ්ජ
වි. පිටි කොන්ද නැමුණු; වක ගැසුණු; කුදු.
නා.ප්‍ර. පිටි කොන්ද නැමුණු තැනැත්තා; සිරුර වක ගැසුණු පුද්ගලයා; කුදා.
ඛුද්දක
වි. කුඩා; සිඟිති; ක්ෂුද්‍ර.
1. නා.ප්‍ර. ශරීරයේ ලොමු ඩැහැගැනීම් මාත්‍රයක් ඇති කරවන ප්‍රීතිය.
2. නා.ප්‍ර. පළල පස්රියනට අඩු ගෙය; කුඩා ගෘහය.
ඛුද්දක ප්‍රීතිය
නා. ශරීරයෙහි ලොමු දැහැගැනීම් වසයෙන් උපදනා වූ ප්‍රීතිය; පස්වණක් ප්‍රීතියෙන් එකක්.
ඛුද්දකනිකාය
නා.ප්‍ර. සූත්‍ර පිටකයට අයත් නිකාය පහෙන් එකක්; කුදුගොත් සඟිය.
ඛුප්පිපාස
වි. බඩගින්නෙන් සහ පිපාසයෙන් පෙළෙන; සාපිපාසා දෙකෙන් පීඩාවට පත් වුණු.
ඛුරචක්‍රය
නා. දැළි පිහියක මුවාත ඇති චක්‍රායුධය; උරචක්‍ර මාලය.
ඛුරත්රාණය
නා. (අශ්ව, ගව වැනි සතුන්ගේ) කුරය ආරක්ෂා වන සේ සවි කරන යකඩ ආවරණය; ලාඩම.
ඛුරය
1. නා. අශ්ව, ගව, මුව ආදි සිව්පා සතුන්ගේ නිය විශාල වීමෙන් නිර්මාණය වී ඇති දැඩි පාද තලය; කුරය.
2. නා. දැළිපිහිය; තියුණු මුවාත සහිත පිහිය; කරකැත්ත.
ඛුහිත
වි. කැලඹුණු; කලබලයට පත් වූ; නොසන්සුන් වූ.
ඛෙත්තග්ග
නා.ප්‍ර. වගාවෙහි පළමු කොට පැසුණු ධාන්‍යවලින් පිළියෙල කොට දෙන අග්‍රශස්‍ය දානය.
ඛේචර
වි. අහසෙහි සැරි සරන; ගුවනෙහි හැසිරෙන; ආකාශචාරී.
ඛේට
වි. කෙළ පිළිබඳව වූ; කෙළවල අඩංගු.
ඛේටය
නා. මුඛයෙහි පිහිටි ඛේට හා ශ්ලේෂ්මල ග්රන්ථිවලින් මුඛයට උනන ද්‍රව්‍ය; කෙළ.
ඛේදජනක
වි. සිතේ දුකට කාරණා වන; ශෝකය උපදවන.
ඛේදය
1. නා. සිතෙහි ඇති වන බලවත් දුක; ශෝකය; කණගාටුව.
2. නා. කලකිරීම; සිත්තැවුල.
3. නා. වෙහෙස; තෙහෙට්ටුව; විඩාව.
ඛේදවාචකය
නා. කනගාටුදායක ආරංචිය; දුක්මුසු පුවත; ශෝකජනක සිද්ධිය.
ඛේදාන්තය
1. නා. දුකින් අවසන් වන නාටකය හෝ ප්‍රබන්ධය; අවසානය දුක්ඛදායක වන දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය නාට්‍යය.
2. නා. කනගාටුදායක ලෙස අවසාන වන සිද්ධිය.
ඛේදාලාපය
නා. දුක් උපදවන කතන්දරය; දුක්මුසු කතාව; ශෝකජනක වෘත්තාන්තය.
ඛේම
වි. උපද්‍රවයෙන් තොර; නිරුපද්‍රැත; ආරක්ෂා සහිත; ක්ෂේම.
1. නා.ප්‍ර. මුළුමනින්ම නිරුපද්‍රිත ස්ථානය; සැනසිල්ල ගෙන දෙන තැන; නිර්වාණය.
2. නා.ප්‍ර. නිවන් අවබෝධ කළ උතුමා; රහතන් වහන්සේ.