සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 540
ඛලිනය
නා. අශ්වයන්ට දමන කටකලියාවේ යකඩය.
ඛ්‍යාත
1. වි. කියන ලද; පැවසූ; ප්‍රකාශ කරන ලද.
2. වි. ප්‍රකට.
ඛ්යාතය
නා. කියන ලද්ද; පැවසූ දෑ; ප්රකාශනය; කියමන.
ඛාණ්ඩව
නා.ප්‍ර. උක්සකුරු සහ සීනි මිශ්‍රකොට තැනූ අග්ගලා.
ඛාණුක මාර්ගය
නා. කණු හෝ උල් සිටුවා ඒවායේ බඳින ලද රැහැන්වල එල්ලී යා යුතු දුෂ්කර පාර.
ඛාතකය
නා. අගල, ඇළිය.
ඛාතය
1. නා. පොළොවෙහි කණින ලද පොකුණ හෝ වළ.
2. නා. පොළොව කැනීම; හෑරීම.
3. (පාරිභා.) නා. මිනිසා වැනි උසස් ක්ෂීරපායීන්ගේ මොළ පෘෂ්ඨය බොහෝ සෙයින් නැමී සෑදී ඇති ඇළිය.
ඛාදකකෝෂ
(පාරිභා.) නා.ප්‍ර. මිනිස් සිරුරේ ඇති විෂබීජ විනාශ කරන කෝෂ විශේෂයක්; භක්ෂ සෛල.
ඛාදනය
1. නා. කෑම; අනුභවය; බුදීම.
2. නා. කාලගුණය ආදියේ ක්‍රියාකාරිත්වය නිසා ගල් පර්වත ආදිය ගෙවී යෑම සහ පස් සෝදා යෑම; සෝදාපාළුව (=erosion).
ඛාදනීය
නා.ප්‍ර. දතින් සපා කෑ යුතු ආහාර; කැබලිවලට කඩා කන ආහාර.
වි. කෑමට සුදුසු; කෑ හැකි; කෑම පිණිස ගන්නා.
ඛාද්‍ය
වි. අනුභව කළ යුතු; කෑමට සුදුසු.
ඛාද්‍යභෝජ්‍ය
නා.ප්‍ර. කැවිලි හා සූප ව්‍යඤ්ජන; කඩා, සපා අනුභව කළ යුතු දේ සහ සපා අනුභව කළ යුතු දේ.
ඛාද්‍යය
නා. කැබලිවලට කඩා අනුභව කරන කෑම; රසකැවිලි ආදිය.
ඛාදිත
1. (පාරිභා.) වි. කන ලද; බුදින ලද; අනුභව කරන ලද.
2. වි. ජලය, හිම, වාතය ආදි හේතු නිසා ගෙවී ගිය; සෝදාපාළුවට භාජනය වූ.
ඛාදිම
නා.ප්‍ර. ප්‍රධාන ආහාර ගණයට නොවැටෙන පලතුරු ආදි අමතර කෑම; ආහාරයෙන් පසු අනුභව කරන දෑ.
ඛානිකය
1. නා. තාප්ප බිත්ති ආදියෙහි පිපිරුම; පැලීම; විවරය.
2. නා. ඛනිජ වස්තු ලබා ගැනීමට පොළොවෙහි කනිනු ලබන ආවාටය; පතල; ආකරය.
ඛානිය
නා. ධාන්‍ය මැනීම සඳහා පුරාණ කාලයෙහි භාවිත මිම්මක්; ද්‍රෝණ හතරක හෙවත් කිරියකින් හතරෙන් පංගුවක ප්‍රමාණය.
ඛාර ජලය
නා. ලුණු ගතිය සහිත ජලය; කාරම් දිය; ක්ෂාර ජලය; කිවුල් වතුර.
ඛාරාපතච්ඡික
නා.ප්‍ර. ශරීරය ආයුධයකින් කපා ඒ ඒ තන්හි කොස්සෙන් ලුණු ඇඹුල් ආදිය ගැල්වීම හෝ ඉසීම හා සම්බන්ධ වධය.
ඛාරිය
නා. ධාන්‍ය ආදිය මැනීම සඳහා පුරාණයේ දී භාවිත වුණු මිම්මක්; කිරිය.
ඛාලිත්යය
නා. රෝගයක් වශයෙන් හිසේ කෙස් වැටීම; තට්ටය පැදීම; ඉන්ද්‍රලුප්ත රෝගය.
ඛින්න
1. වි. දුකට පත්; ඛේදයට පැමිණි; සිත් තැවුලට පත්.
2. වි. විඩාවට පැමිණි; වෙහෙසට පත්; ක්ලාන්ත භාවයට පැමිණි.
ඛිප
වි. ඉක්මන්; කඩිනම්; හදිසි.
නා.ප්‍ර. කිඹුහුම; කිවිසීම; කිඹුහුම් යාම.
ඛිපනය
නා. ඉවත දැමීම; විසි කිරීම; හෙළීමය.