සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 59
අතිපණ්ඩිත
වි. පමණට වඩා උගත්කම් පෙන්වන; නැති පණ්ඩිතකම් පෙන්වන; පණ්ඩිත ප්‍රතිරූපක.
අතිපාතය
නා. නැසීම; වැනසීම.
අතිමඤ්ඤනාව
නා. (තමන්) උසස් කොට සිතා ගැනීම; (අනුන්) හෙළා දැකීම.
අතිරක්තය
1. නා. ඍතු ලෙය අධික ව වහනය වීම; ලේ මාලය.
2. නා. රක්ත වර්ණය නිසා මුතුවල ඇතිවන පලුද්දක්.
3. නා. ඖෂධයක නාමය; සාදිලිංගම්.
අතිරස
නා.ප්‍ර. පාරම්පරික රස කැවිලි වර්ගයක්; පූප විශේෂයක්.
අතිරික්ත
1. වි. ඉතිරි වූ; ශේෂ වූ.
2. වි. වැඩිමනක්; අධික.
3. වි. උතුරා ගිය; ඉතිරී ගියා වූ.
1. නා. ඉතිරි කළ භෝජනය.
2. නා. වැඩිමනත් පංගුව; අධිකය.
3. (පාරිභා.) නා. වර්ෂාපතන හිමපතන ආදියෙන් පොළවට උරා නොගෙන, වාෂ්ප නො වී සමුද්‍රය කරා බැස යන ජලය ( run off).
අතිරේකය
1. නා. වැඩිපුර කොටස හෝ දෙය; අධිකය.
2. නා. ප්රවෘත්ති පත්‍ර ආදියෙහි වැඩිපුර පළ කරන විශේෂ කොටස.
අතිරෝග
නා.ප්‍ර. ක්ෂය රෝගය.
අතිවරණය
නා. අනාචාරය; කාමමිථ්‍යාචාරය.
අතිවර්ති
වි. ඉක්මවා පවතින; අතික්‍රමණය කරන.
අතිවර්ෂ
නා.ප්‍ර. අධික වර්ෂාව.
අතිව්‍යාප්තිය
1. නා. (න්‍යාය.) ප්‍රමාණය ඉක්මවා පැතිර යෑම; ප්රස්තුත කරණය ඉක්මවා පැවතීම.
2. (පාරිභා.) නා. සීමාවෙන් ඔබ්බෙහි යමක් වසා ගෙන පැතිරීම (=overlap).
අතිවාක්‍ය
නා.ප්‍ර. ඉක්ම පැවති තෙපුල්; ආක්‍රෝශ වචන; ගර්හා වචන.
අතිවේගය
1. නා. අධික වේගය; අති ශීඝ්‍රතාව.
2. නා. බලවත් රෝග වේදනාව.
අතිශක්මතාව
(පාරිභා.) නා. අධික විදුලි ශක්තියක් ඇති බව; අතිශය විදුලි බල වේගය දරන බව (=high tension).
අතිශය
වි. ඉතා වැඩි; අධික.
නා. අධිකතාව.
අතිශය ප්‍රත්‍යය
නා.ප්‍ර. (ව්‍යාක.) අතිශයාර්ථයෙහි හෙවත් විශේෂාර්ථයෙහි යෙදෙන තර, තම ආදි ප්‍රත්‍යය.
අතිශයාලංකාරය
නා. අතිශයෝක්ති වූ කාව්‍යාලංකාරය.
අතිශයෝක්තිය
1. නා. අධික කොට කීම; අධික වර්ණනාව.
2. නා. එනම් කාව්‍යාලංකාරය; ලෝක සීමාව ඉක්මවා කීම.
අතිශයෝපමාව
නා. උපමානයට වඩා උපමේයෙහි යම්කිසි අධික බවක් ප්‍රකට කරන උපමාව.
අතිසත්වාදය
1. (පාරිභා.) නා. සාමාන්‍ය වචනවලින් නිරූපණය වන්නේ සත්‍ය පැවැත්ම බව යථාර්ථයෙන් ම ඇදහීම (=super realism).
2. නා. ප්‍රොයිඩ්ගේ සිද්ධාන්ත අනුව උපවිඥානයේ සිහින නිරූපණය කරන නූතන කලා නිර්මාණ ක්‍රමයක් (= surrealism).
අතිසරණය
නා. පමණ ඉක්මවා මල පහ වීම.
අතිසර්ගය
1. නා. දීම.
2. නා. අවසර දීම; අනුදැනීම.
අතිස්ථාන
නා.ප්‍ර. අධික වේලාවක් නැඟිට සිටීම.