සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 60
අතිස්වේදය
1. නා. අධික ලෙස ඩහදිය ගැලීම; අතිශයින් ස්වේද වහනය වීම.
2. නා. අධික ලෙස ඩහදිය ගැලීම ලක්ෂණ කොට ඇති රෝගයක්.
අතිස්‍රාවය
1. නා. ස්ත්‍රී රෝගයක්; අධික ව ලේ යෑම.
2. නා. ලේ වහනය වන මූත්‍ර රෝගයක්.
අතිසූක්ෂ්ම
1. වි. ඉතා සියුම්; තේරුම් ගැනීමට බෙහෙවින් අපහසු.
2. (පාරිභා.) වි. ඉතා කුඩා; අත්‍යණුක; අතික්ෂුද්ර.
නා.ප්‍ර. (සංගී.) නාදයෙහි පස් වැදෑරුම් වූ ප්‍රභේදවලින් එකක්.
අතිසේක
(පාරිභා.) නා.ප්‍ර. ද්‍රවයක යම් ද්‍රාව්‍යයක් දිය වීමේ සම්පූර්ණ අවස්ථාවට පැමිණීම; සන්තෘප්තිය (=saturation).
අතිහරණය
1. නා. ගමන් කිරීමේ දී නැඟු පය ඉදිරියට තැබීම.
2. නා. යම් කිසිවක් එක් තැනක සිට තවත් තැනකට ගෙන යෑම; ඉවත් කිරීම.
අතිහසිතය
නා. විකාර ස්වභාවයෙන් හිස, දෙ අත්, දෙ උරහිස ආදිය නටවමින් කරනු ලබන අධික සිනාව; සවැදෑරුම් සිනාවන් අතුරෙන් එකක්.
අතීක්ෂ්ණ
1. වි. නොතියුණු; නොසියුම්.
2. වි. මන්ද; බාල; මුග්ධ.
අතීත
1. වි. ගත වූ; පසුගිය; ඉකුත් වූ.
2. (කථා.) වි. ඉතා හිතවත්; ඉතා කුලුපග වූ.
අතීත ඥානය
නා. අතීත භවය දක්නා නුවණ; පෙර ඉපිද සිටි ජාති පිළිබඳ ව දැනගන්නා නුවණ.
අතීත හේතු
නා.බහු. (අභි.) පටිච්ච සමුප්පාදයෙහි දැක්වෙන පරිදි වර්තමාන භවයට ප්‍රත්‍යය වූ ද, අතීත භවයට අයත් වූ ද හේතු.
අතීතංස
නා.ප්‍ර. අතීත භවය.
අතීතකාල ක්‍රියාව
නා. (ව්‍යාක.) යම් ක්‍රියාවක් කර අවසාන වූ බව හඟවන ආඛ්‍යාත රූපය; කර නිම වූ අර්ථයක් ප්‍රකාශ කරන ක්‍රියාව.
අතීතාරම්මණ
වි. අතීතය අරමුණු කොට ඇති; ඉක්ම ගිය සංසිද්ධි ආදිය අරමුණු කොට පවත්නා.
අතීන්ද්‍රිය
වි. ඉන්ද්රිය ගෝචර නොවූ; ඉන්ද්රිය මාර්ගයෙන් දැන ගැනීමට නොහැකි.
නා.ප්‍ර. සිත; ආත්මය.
අතීසාරය
නා. අධික ලෙස චිරේචනය වීමේ රෝගය; පාචනය.
අතු කේලම
(කථා.) නා. කෙනෙකුගෙන් අසාගෙන තව කෙනෙකුට කියන කේලම.
අතු කොටුව
1. (කථා.) නා. මසුන් ඇල්ලීම පිණිස වැව් ගංගා ආදියෙහි අතු කැබලි, කෝටු ආදිය හරස් කොට බැඳ සාදාගත් කොටුව.
2. නා. වැසිකිළි, කැසිකිළි කටයුතු සඳහා යොදා ගන්නා පොල් අතුවලින් ආවරණය කළ කොටුව.
අතු ගංගාව
නා. ගංගාවකට ගලා බසින ශාඛා නදිය.
අතු බැඳීම
1. (පාරිභා.) නා. ගසේ තිබිය දී ම අත්තක් මුල් ඇද්දවීම එය බිමට පාත් කොට කොටසක් පස යට කිරීම (=gootee layering).
2. නා. වහලයක් පොල් අතුවලින් සෙවිලි කිරීම.
අතු මීය
(කථා.) නා. (ගසක) අත්තක බැඳි මීය; දඬුවැල් බෑ මීය.
අතුට
1. පූර්ව.ක්‍රි. එළා; දිග ඇර.
2. පූර්ව.ක්‍රි. විසුරුවා; ඉස.
අතුණු බහන
1. නා. මහ බඩවැල; මහාන්ත්‍රය නැමුණු තැන්වල බැඳගෙන සිටිනා සිවිය.
2. (පාරිභා.) නා. අතුරු නොදී එපිට මෙපිට නොයන ලෙස බැඳ සිටින සිවිය; අන්තරංගයෙන් කොටසක් දරා සිටින පටක නැම්ම (=mesentery).
අතුනතු
වි. තමා අයිති; තමන් සතු.
අතුපතර
නා.ප්‍ර. විහිදී ගිය අතු; පැතිර සිටින ශාඛා.