සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 58
අත්යුත්කෘෂ්ට
අත්යුත්තර
අත්යුත්තුඞ්ග
අත්යුත්සන්නතාව
[අති + උත්සන්නතාව]
නා. ඉතා බලවත් බව; ඉතා අධික බව.
අත්යුද්ගත
අත්යුද්වේග
[අති + උද්වේග]
වි. සිතෙහි හැඟීම් බලවත් සේ ඇති කරන; මහත් උද්වේගය දනවන.
අත්යුදාර
අත්යුෂ්ණය
නා. තද උණුසුම; දැඩි උෂ්ණය.
අත්යෝදාත
අත්රජ
1. නා.ප්ර. තමන්ට දාව උපන් පුතා; ස්වකීය පුත්රයා; ඖරසයා.
2. (ජ්යෝති.) නා.ප්ර. කේන්ද්රයක රාශි චක්රයේ පස්වන තැන; පුත්ර ස්ථානය.
අත්රාණ ශාලාව
1. වි. අසරණයන් සඳහා වූ ශාලාව.
2. වි. ගිලනුන් සඳහා ඇති ශාලාව; ගිලන්හල.
අත්රාණයා
නා. පිහිටක් නැත්තා; අසරණයා; අනාථයා; ආරක්ෂාවක් නැත්තා.
අත්රිච්ඡ
වි. මහත් ආශා ඇති; දැඩි සේ තණ්හාව තිබෙන; තමාට ලබා ගැනීමේ ආශාවෙන් යුත්.
අත්රිලිඞ්ග
[අ + ත්රිලිඞ්ග]
වි. (ව්යාක.) (ලිඞ්ගත්රයට අයත් නොවූ යනු වාච්යාර්ථයි) ලිඞ්ගික නාම ගණයට නොගැනෙන; ව්යාකරණයෙහි ආඛ්යාත ප්රත්යය සම්බන්ධයෙන් ව්යවහාරයි.
අතාත්වික
1. වි. අස්වාභාවික; නියත තත්ත්වයට වෙනස්; අසත්ය ස්වභාවයෙන් යුත්.
2. වි. සත්ය වශයෙන්ම නැතත් ප්රතිඵල තිබෙන; කල්පිත (=virtual).
අතාවුද
1. නා.ප්ර. ආයුධ සන්නද්ධ මුර හේවායා; ආරක්ෂක හේවායා.
2. (කථා.) නා.ප්ර. කෙත් අයිතිකරු වෙනුවෙන් අස්වැන්න ආරක්ෂාවට හා බෙදාගෙන ඒමට තැනැත්තා.
අතැන්වැසි
වි. තැන්පත් නොවූ; නොහික්මුණු.
අති
වි. අධික, අතිශය යනාදි අර්ථවල යෙදෙන උපසර්ගයක්.
අතිඅණ්වීක්ෂය
(පාරිභා.) නා. අති සියුම් වස්තුවල හැඩය නොව ඒවා ඇති නැති බවද පෙන්වන අණ්වීක්ෂයක් (=ultra micro scope).
අතික්රමණය
නා. ඉක්මවීම; පසු කර යෑම; එතෙර වීම; (කාලය) ගත කිරීම.
අතිකාල
නා. නියමිත වේලාවට වඩා වැඩියෙන් වැඩ කිරීම; රාජකාරී වේලාවට අමතරව වැඩිපුර කරන වැඩ කොටස.
අතිකාලදීමනා
නා.ප්ර. නියමිත කාල වේලාවට අමතරව රාජකාරි කරන කාලය සඳහා මුදලින් ගාස්තුව.
අතිජාත
නා.ප්ර. පියාට වඩා සෑම අතින්ම උසස් තත්ත්වයට පත් වන්නා; මව්පියන්ට වඩා යසසින් තනතුරු ආදියෙන් ඉහළ තත්ත්වයක් ලබා ගන්නා පුත්රයා.
අතිධ්වනිය
නා. කනට නො ඇසෙන ප්රමාණයේ ධ්වනිය; මිනිස ශ්රව්යතාවේ උඩත් සීමාවට වඩා වැඩි සංඛ්යාතවලින් යුතු කම්පන තරංග.