සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 631
චන්ද්රාක්ෂි
චන්ද්රාර්ක
නා.ප්‍ර. චන්ද්‍ර සූර්ය දෙදෙනා; සඳ හා හිරු.
චන්ද්රාලෝකය
නා. සඳ එළිය; සඳ කිරණ.
චන්ද්‍රිකා ශාලාව
නා. රාත්‍රී කාලයේ දී සඳ රැස් විඳීම පිණිස කරන ලද සමතල භූමිය; සඳලුතලය; සඳැල්ල.
චන්ද්‍රිකාව
1. නා. සඳ.
2. නා. මොනර පිලෙහි ඇති සඳැස; චන්ද්රකය.
3. නා. උප ග්‍රහයා; පරිවාර ග්‍රහයා.
4. නා. මිනිසා විසින් අභ්‍යවකාශ ගත කොට පෘථිවිය වටා පරිභ්‍රමණය වන කෘත්‍රිම වස්තුව.
5. නා. උත්තමාව; උතුම් කාන්තාව.
චන්දිමාව
නා. හඳ; චන්ද්‍රයා.
චපල
1. වි. එක් අරමුණක නොපිහිටි; සැලෙන; චංචල; අවිනිශ්චිත.
2. වි. නොවිමසා කටයුතු කරන සුලු; හිතුවක්කාර; දඟකාර.
1. නා.ප්‍ර. රසදිය; පාරද.
2. නා.ප්‍ර. දිව.
3. නා.ප්‍ර. දිය රැල්ල.
4. නා.ප්‍ර. විදුලිය.
චප්ප වෙනවා
(කථා.) ක්‍රි. තැළී පොඩි වී යනවා; සුනු විසුනු වී යනවා.
චමත්කාර
වි. ආනන්දජනක; විස්මයට හේතු වන; කුතුහලය අවුස්සන ස්වභාවය ඇති.
චම්පු කාව්‍යය
නා. ගද්‍ය හා පද්‍ය මිශ්‍ර වූ කාව්‍ය විශේෂය.
චම්මකාර
නා.ප්‍ර. සම් කර්මාන්තයෙහි නියුක්තයා.
චමූපති
නා.ප්‍ර. යුද්ධ සේනාවක අණ දෙන නිලධරයා; සෙන්පතියා.
චය
වි. එකතු වන; එක්රැස් වන.
චයනය
නා. එක්රැස් කිරීම; එක්තැන් කිරීම; ගොඩ ගැසීම.
චර
1. වි. හැසිරෙන; සැරිසරන.
2. වි. ඔත්තු සැපයීමෙහි නියුක්ත; තොරතුරු සැපයීම සඳහා අප්‍රසිද්ධ ව හැසිරෙන.
චරණ ලක්ෂණය
නා. ශ්‍රී පාද ලාඤ්ඡනය; සිරි පා ලකුණ; ශ්‍රීපාද චිහ්නය.
චරණධර්ම
නා.ප්‍ර. නිවනට යොමු කරවන ධර්ම; ආචාරවත් පැවැත්මට අදාළ ධර්ම උතුම් චර්යාවට හේතු වන ධර්ම.
චරණනඛ
නා.ප්‍ර. පාදවල නියපොතු; පා නිය.
චරණය
1. නා. පාදය; පය; සරණත.
2. නා. ගසක මුල.
3. නා. පද්‍යයක පාදය.
4. නා. වංශය; අන්වය.
5. නා. නියමය; නියෝගය.
6. නා. හැසිරීම; ගමන් කිරීම; චංචල වීම.
7. නා. ආචාරවත් හැසිරීම; මනාපැවැත්ම.
චරණාරවින්ද
නා.ප්‍ර. පාද නමැති පද්මය; පා පියුම.
චරපුරුෂයා
නා. ඔත්තු සපයන්නා; තොරතුරු සපයමින් අප්රසිද්ධව හැසිරෙන්නා; රහස් පණිවුඩ ගෙන යන්නා.
චරම
වි. අන්තිම; අවසාන.
චරරාශි
නා.ප්‍ර. (ජ්‍යෝති.) ගමන් කරන (ජංගම) රාශි; වෙනස් වන ස්වභාවයෙන් යුත් රාශි; මේෂ, කටක, තුලා, මකර යන රාශි.
චර්කය
නා. නූල් කැටීමේ අත් යන්ත්‍රය.