සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 645
චූර්ණධර
(පාරිභා.) වි. කැල්සයිට් හෝ කැල්සියම් කාබනේට් අඩංගු නැතහොත් ඒවා නිපදවන (=calciferous).
චූර්ණය
1. නා. ඉතා සියුම් කුඩ; සුනු.
2. නා. බෙහෙත් කුඩ.
චූර්ණිකාව
1. නා. තාලයකට කියනු ලබන ගාථා ශ්ලෝකාදිය සහිත විස්තරාත්මක කථනය.
2. නා. උත්සව අවස්ථාවක දී පවත්වන ප්රශංසාත්මක කථාව.
3. (කථා.) නා. කයිවාරු දෙඩීම; පුරසාරම් කීම.
චූර්ණීභවනය
(පාරිභා.) නා. කැල්සියම් ලවන තැන්පත් වීම; චූර්ණමය පදාර්ථ නිධිගත වීම.(=calcification)
චූල
වි. කුඩා; පුංචි; සුළු; වයසින් බාල.
චූලාපරාධ
නා.ප්‍ර. (නීති.) චූල අපරාධය; බරපතල දඬුවම් ලැබීමට තරම් නොවන සුළු අපරාධය; සුළු වැරැද්ද.
චූලිකා
1. නා.ප්‍ර. ඇත් කම්මුල; හස්ති කපෝලය.
2. නා.ප්‍ර. නාට්‍යය; නාටය සභාව.
චූවිංගම්
නා. මුවෙහි දමා සප සපා සිටීමට සකස් කළ රස ගැන් වූ කොහොල්ලෑ මෙන් ඇදෙන සුළු ද්‍රව්‍යයක්.
චූෂකය
1. (පාරිභා.) නා. උපකරණයක් තුළින් වායු හෝ ද්‍රව ධාරාවක් ඇද ගැනීමේ උපක්‍රමයක් (=aspirator).
2. නා. ආරෝහක හා වල්ලි ශාකයක් ඉහළට නැඟීමේ දී යොදාගන්නා පහුරුවල ශාඛා අග ඇති ධාරකයට ඇලෙන කැටිත්ත (=sucker).
3. නා. පරපෝෂිත ශාකයක් ධාරක ශාකය වටා එතී, එහිදී පටක ඇතුළට කා වැදී රසය උරාගන්නා අවයවය.
චූෂණය
1. නා. උරා බීම.
2. (පාරිභා.) නා. උරා ඇද ගැනීම; ද්‍රවයක් හෝ වායුවක් උරා ගැනීමෙන් ඉවත් කිරීම. (=aspiration, suction)
චෙරි
නා.ප්‍ර. රත් පැහැති දිගු නටුවකින් යුත් පලතුරු වර්ගයක්.
චෙස්
නා.ප්‍ර. දෙදෙනකු අතර කෙරෙන දාං කෙළිය වැනි එහෙත් සියුම් චින්තනයෙන් යුක්ත ව යෙදිය යුතු තරගකාරී ක්‍රීඩාවක්; චතුරඞ්ග ක්‍රීඩාව.
චේටක
නා.ප්‍ර. මෙහෙකරුවා; දාසයා; සේවකයා.
චේටිකාව
නා. මෙහෙකාරිය; දාසිය; සේවිකාව.
චේතනාව
නා. යම්කිසි ක්‍රියාවක් සඳහා මෙහෙයවන සිතේ ස්වභාවය; ක්‍රියාකාරී චින්තනය.
චේතනීය
වි. (නීති.) අදහස් කරන ලද; චේතනාවක් සහිත; අභිප්‍රේත (=intentional).
චේතයික
(පාරිභා.) වි. සිය කැමැත්තෙන් ක්‍රියා කරන (=voluntary).
චේතස
නා. සිත; චිත්තය.
චේතසික
වි. සිත මුල් කරගත්; සිතෙහි හටගන්නා වූ; සිත පිළිබඳ වූ.
නා.ප්‍ර. සිතෙහි යෙදෙන ලෝභ, ද්වේශ, මෛත්‍රී, කරුණා ආදි සිතුවිලි; සිතෙහි ඇති වන ධර්මතාව.
චේතසිකපේශි
නා.ප්‍ර. සිතේ කැමැත්ත අනු ව ක්‍රියා කරන පේශි.
චේතිය
1. නා. වැඳුම් පිදුම් කරන තැන; ශුද්ධ වස්තුවක් ලෙස සැලකෙන වෘක්ෂ පර්වත ආදිය.
2. නා. ස්තූපය, සෑය, දාගැබ, වෙහෙර වහන්සේ.
චේල
1. නා.ප්‍ර. වස්ත්‍රය; රෙද්ද; සේලය.
2. නා.ප්‍ර. උතුරු සළුව.
චේලක
නා.ප්‍ර. රාජකීය ලාඤ්ඡනය සහිත ධ්වජය රැගෙන යුද පෙරමුණේ ගමන් කරන්නා.
චේලායුධය
නා. ආලවක යක්ෂයාගේ මහා බලසම්පන්න උතුරු සළුව නමැති ආයුධය.