සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 775
තෙපුල් දෙනවා
1. ක්‍රි. කියනවා; බස් දෙනවා.
2. ක්‍රි. මෘදු ලී ආදිය මඳක් නැමී පවතිනවා; උස් පාත් වෙනවා.
3. ක්‍රි. බෙහෙත් පොට්ටනි ආදිය ඇස පිට හෙමින් තබා ඔබ ඔබ ගන්නවා.
4. ක්‍රි. ඇස ඇද ගන්නවා.
තෙබ
නා.ප්‍ර. හෙල්ල.
තෙබිඩි
වි. තුනට බෙදුණු; තුනට පැළුණු.
තෙබුමු
1. වි. කාම, රූප, අරූප යන භූමිත්‍රයට අයත් වූ.
2. වි. මහල් තුනකින් යුත්.
තෙමඟුල
නා. බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවන්පෑම යන මංගල්‍ය තුන.
තෙමඬුලු
නා.බහු. දණදෙක හා නාභිය යන ස්ථාන තුන; ත්‍රිමණ්ඩලය.
තෙමනවා
1. ක්‍රි. ජලය ආදි ද්‍රවයකින් තෙත් කරනවා; පොඟවනවා.
2. ක්‍රි. මූත්‍ර කරනවා.
3. ක්‍රි. මොළොක් කරනවා; මෘදු කරනවා.
4. ක්‍රි. ස්තුති කරනවා; ප්‍රශංසා කරනවා.
තෙමර
වි. අලස; කම්මැළි; සෝමාරි; නිදිබර.
තෙමරි ගන්නවා
(කථා.) ක්‍රි. දුබල වෙනවා; අඩපණ වෙනවා; අප්‍රාණික වෙනවා.
තෙම්පට්ටු වෙනවා
(කථා.) ක්‍රි. වෙහෙසට පත්වෙනවා; විඩාවට පැමිණෙනවා.
තෙම්පරාදුව
නා. ව්‍යඤ්ජන රස කර ගැනීමට රතු ලූනු කරපිංචා ආදි ද්‍රව්‍ය රත් වූ තෙල් ස්වල්පයකට දමා රන්වන් පැහැය වන තුරු බැද, පිසින ලද ව්‍යඤ්ජනයට දමා සකස් කර ගැනීම; කර කළ තෙලේ දමා ව්‍යංජන රස ගැන්වීම.
තෙමී
නා.ප්‍ර. මධු ධාරා තුන; ඇතුන් ගේ දෙකපෝලය හා කෝෂය යන තුන් තැනින් වෑහෙන මදය.
තෙඹිරිය
(කථා.) නා. කම්මැළි ගතිය; අලසකම.
තෙර
1. නා.ප්‍ර. උපසම්පදා වී අවුරුදු දහයක් සම්පූර්ණ කළ භික්ෂුනම; ස්ථවිර.
2. නා.ප්‍ර. තවුසා; තාපසයා.
3. නා.ප්‍ර. වැඩිහිටියා; මහල්ලා.
4. නා.ප්‍ර. ඉවුර; වෙරළ.
5. නා.ප්‍ර. කෙළවර; ඉම.
තෙරපනවා
1. ක්‍රි. මඬිනවා; මිරිකනවා.
2. ක්‍රි. යම් පැත්තකට වැරෙන් තල්ලු කරනවා.
තෙරපරපුර
නා.ප්‍ර. මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවත එන ථේරවාදී භික්ෂු පරම්පරාව; ස්ථවීර පරම්පරාව; අනුරපුර මහා විහාර භික්ෂු පරපුර.
තෙරපුම් මෝල
නා. ලණු, කඹ කම්බි ආදියෙකින් බඳනා ලද්දක් තව තවත් තද කිරීමට පාවිච්චි කරන ලී හෝ ලෝහ දඬු කැබෙල්ල.
තෙල
1. නා. ඇතැම් ශාකවල ගෙඩි ඇට කොළ පොතු ආදියෙන් සිඳ ගන්නා වූ ද ජලයට වඩා සැහැල්ලු වූ ද රසායනික වශයෙන් කාබනික සංයුතියකින් යුත් ද්‍රව්‍යයක්.
2. නා. සතුන්ගේ මස් කිරි ආදියේ අඩංගු මේදය.
3. (කථා.) නා. ඉන්ධන ලෙස භාවිත වන ඛනිජ තෙල.
4. නා. ශරීරයේ අධික ක්‍රියාකාරී ශක්තිය; දාංගලය.
5. (කථා.) නා. මත්පැන්.
1. සර්ව. ඔහු; ඒ තැනැත්තා.
2. සර්ව.මොහු; මේ තැනැත්තා.
1. වි. ඈතින් පෙනෙන; අර.
2. වි. ඉදිරියෙහි තිබෙන; ඔය.
තෙල් ආකරය
නා. ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා පොළොව ගැබ කැන තැනූ මහා පතලය; ඛනිජ තෙල් උපදවා ගනු ලබන ස්ථානය.
තෙල් කඩදාසිය
නා. දිය නොඋරන සේ හෝ විනිවිද පෙනෙන සේ තෙලෙහි පොඟවා සාදනු ලබන කඩදාසි විශේෂය.
තෙල් කරමත
(කථා.) නා. තරුණ බව නිසා ඇති වන අහංකාරය; තරුණ බව නිසා ඇති වන උඩඟුව; තරුණ මදය; යෞවන මදය.
තෙල් ගල
නා. දැළිපිහියා, නියන්, යතුතල වැනි ආයුධ තෙල් යොදා මුවාත් තබන ගල.
තෙල් ගහනවා
1. ක්‍රි. ඇතුළට කා වදින සේ තෙල් ආලේප කරනවා.
2. (කථා.) ක්‍රි. වාහන සඳහා ඉන්ධන යොදනවා.
3. ක්‍රි. කෘෂිකාර්මික කටයුතුවලදී කෘමිනාශක වල්නාශක ආදිය යන්ත්‍ර මගින් ඉසිනවා.
4. ක්‍රි. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා රසායනික දියර ඉසිනවා.
තෙල් මතුරනවා
ක්‍රි. යක්ෂ භූතාදින් ගෙන් වැලඳෙන රෝග නිවාරණය සඳහා තෙරුවන් ගුණ ආදිය මුල් කොට තෙල් ජීවම් කරනවා.