සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 987
පත්මත්
[පත්ම + අත්]
නා.ප්‍ර. අතෙහි නෙළුම් මලක් දරන්නා ; සූර්යයා ; හිරු දෙවි.
පත්වීම
1. නා. තනතුරක් ලැබීම ; පදවි ලාභය.
2. ළඟාවීම ; එළඹීම.
පත්සක
නා. (කාසයට බෙහෙත් දුම ඉරීම සඳහා) කොළයකින් සාදාගනු ලබන මුලින් මහත් ව අගින් සිහින් වන නළය.
පත්‍ර කලාව
නා. පුවත්පත්, සඟරා ආදිය සම්පාදනය පිළිබඳ ශිල්පය.
පත්‍ර චූෂණය
(පාරිභා.) නා. කොළවලට ජලය ඇදගැනීම හෝ උරා ගැනීම.
පත්‍ර න්‍යාසය
(පාරිභා.) නා. (මයිකා වැනි) ඇතැම් ඛනිජ වර්ග පොළෝ ගැබේ තැන්පත් ව ඇති රටාව.
පත්රකලාවේදියා
නා. පුවත්පත් කලාව හදාරා ඇති තැනැත්තා.
පත්රතලය
(පාරිභා.) නා. කොළයක පළල් පැතලි කොටස.
පත්‍රය
1. නා. ශාකයන්ගේ අතු, කඳ ආදියේ විහිදෙන කොළය.
2. මල්පෙත්ත.
3. ලියමන ; ලියවිල්ල.
4. පියාපත.
5. පුවත් ආදිය පළවන සංග්‍රහය ; පුවත්පත.
පත්‍රවෘන්තය
නා. කොළය අත්තට හෝ කඳට හෝ සම්බන්ධ කරන අවයවය ; කොළ නටුව.
පත්‍රිකාව
1. නා. තනි කොළයේ හෝ කොළ කිහිපයක හෝ මුද්‍රිත ලියැවිල්ල.
2. (පාරිභා.) සංයුක්ත පත්‍රයක පත්‍ර තලයේ කොටස්වලින් එකක් ; කුඩා කොළය.
පතාක යෝධයා
1. නා. මහා යුද්ධ දක්ෂයා ; මහා යෝධයා.
2. අති බලසම්පන්නයා ; ප්‍රමුඛයා.
පතාකය
නා. ලොකු, තුන්හුලස් කොඩිය.
පති
1. නා.ප්‍ර. නායකයා ; ප්‍රධානයා ; මූලිකයා.
2. හිමියා ; ස්වාමියා ; ස්වාමි පුරුෂයා.
පතිකුලය
නා. ස්වාමි පුරුෂයාගේ වාසස්ථානය ; ස්වාමි කුලය.
පතිත
වි. වැටුණු ; පතනය වූ.
පතිදම්
නා.ප්‍ර. භාර්යාවක තම ස්වාමිපුරුෂයා කෙරෙහි පැවතිය යුතු චර්යාව ; පිළිවෙත ; පත්නී ධර්මය.
පතිනිය
1. නා. පතිවත රකින කාන්තාව.
2. නායිකාව ; අධිපතිනිය.
3. අඹුව ; භාර්යාව.
පතිරජ
නා. ඔටුනු පළන් රජකු යටතේ ප්‍රදේශයක් පාලනය කරන්නා ; ප්රතිරාජයා.
පතිරූප
වි. සුදුසු ; යෝග්‍ය ; ගැළපෙන ; නිසි.
පතිව්රතය
නා. පවිත්‍ර ස්වාමි භක්තිය ; සිය සැමියා පමණක් පතා සිටීම.
පතු
1. නා.ප්‍ර. ගසක කුඩා අත්ත ; පත්‍රය ; කොළය.
2. පතුර ; සිවිය.
3. බර කිරිමේ මිම්මක් ; පලම් හතර.
වි. පැතලි ; තලයක් වැනි.
පතු ගානවා
ක්‍රි. ඉදෙන උකු දෙයක් පත්තෙන් කවලම් කරනවා.