සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 988

පතු වැටිය

1. නා. කඳකට සම්බන්ධ වූ කොටස ; බිඩංගය.
2. පිහාටු සමූහය.

පතුඇටය

නා. උරපත්තේ ඇටය ; අංස ඵලකය.

පතුර

1. නා. කොළය ; පත්‍රය ; කුඩා අත්ත; පිත්ත.
2. පොත්ත ; සිවිය ; පට්ටය.
3. තලය ; පෙත්ත; තහඩුව; ගැලවී ගිය තුනී කැබැල්ල.

පතුරනවා

1. ක්‍රි. ව්‍යාප්ත කරනවා ; විසුරුවනවා ; විහිදනවා.
2. ප්‍රසිද්ධ කරනවා ; පතළ කරනවා ; ප්‍රචාරය කරනවා.

පතුල

1. නා. පාදයේ යටිපැත්ත ; පාදතලය.
2. ගංගා, ළිං මුහුදු වැනි දෙයක හෝ බඳුනක අඩිය.

පතුව

නා. මුගුර ; පොලු කැබැල්ල.

පථය

1. නා. පාර ; මඟ.
2. ගොදුරු වන ප්‍රදේශය ; වාසය කරන ප්‍රදේශය ; වාස භූමිය.
3. (පාරිභා.) ගණිතමය නියමයකට හෝ නියම කීපයකට හෝ එකග ව චලනය වන ලක්ෂ්‍යයක ගමන් මඟ.

පථ්‍ය

වි. හිතකර ; යෝග්‍ය ; ගුණදායී.

පථිකාශ්‍රමය

නා. මාර්ගිකයනට ඉඳුම් හිටුම් සපයන ස්ථානය ; තානායම.

පද

1. නා.ප්‍ර. කවිය ; පද්‍යය ; පැදිය.
2. භාෂාවකට අයත් අර්ථවත් (නාම, ආඛ්‍යාත ආදී)

පද බදිනවා

1. ක්‍රි. කවි තනනවා ; පද්‍ය බන්ධනය කරනවා.
2. (අනෙකකුට) අපහාස කතාවක් ගොතනවා ; නින්දා කිරීමට පුවතක් පතුරුවනවා.

පද විචාරය

නා. නූතන වාග් විද්‍යාවට අයත් අංශයක් ; ප්‍රකෘති, ප්‍රත්‍යය ආදි පද අවයව, විභාග කෙරෙමින් කරනු ලබන භාෂා අධ්‍යයනය ; පදිමයෝග විචාරය ; පද සාධනය.

පද සකසනය

නා. පරිගණක තාක්ෂණය උපයෝගී කරගනිමින් වචන සැකසීම කරනු ලබන යන්ත්‍රය.

පදක්කම

1. නා. විශේෂ දක්ෂතා, ප්‍රාප්ති, තනතුරු, සාමාජිකත්ව ආදිය වෙනුවෙන් සංකේතාත්මකව ලබන කුඩා විචිත්‍ර පලඳනාවක්; ආභරණයක්.
2. උඩරට කාන්තා ආභරණ විශේෂයක්.

පදනම

1. නා. ගොඩනැඟිල්ලක අත්තිවාරම ; පාදම ; අඩිතාලම.
2. වටපිල කයියෝරුව ; කයිරුව.
3. මූලහේතුව ; සාධක වන කරුණ ; සාක්ෂ්‍යය.
4. විශේෂ සේවාවක් සඳහා විශේෂ අරමුදලකින් පිහිටු වූ ආයතනය.
4. ආරම්භය ; පටන් ගැන්ම.

පදන්

1. වි. ප්‍රධාන ; මූලික ; උතුම්.
2. කෙලෙස් තවන ; දවාලන ; ප්‍රදහනය කරන.

පදනිය

නා.ප්‍ර. පාදයෙහි ඇඟිලිවල නියපොතු ; පාදනඛ.

පදප්‍රාප්ත

වි. තනතුරකට පැමිණි ; පදවියක් දරන.

පදපාතය

නා. පා තැබීමේ පිළිවෙළ ; ගමන් විලාසය.

පදම

නා. නිසි පමණ ; සුදුසු ප්‍රමාණය ; ඕනෑ කරන තත්ත්වය.

පදම් කරනවා

ක්‍රි. නිසි පමණට පිළියෙල කරනවා ; සුදුසු තත්ත්වයට සකස් කරනවා.

පදම් පත්

වි. විශිෂ්ට ආකාරයෙන් යම් කටයුත්තක යෙදීම සඳහා පවතින ප්‍රවණතාවෙන් යුක්ත.

පදය

1. නා. පියවර.
2. (ප්‍ර. යෙදේ.) පා සලකුණ ; පියසටහන.
3. (ප්‍ර. යෙදේ.) පාබල සෙනඟ ; පදික සේනාව.
4. භාෂාවකට අයත් අර්ථවත් ශබ්දය ; වචනය ; වදන.
5. පද්‍යයක පාදය ; කවියක පේළිය.
6. වාදනය, නර්තනය ආදියෙහි ලය මානය දක්වන ශබ්ද රටාව ; මාත්‍රය.
7. අපවාද වශයෙන් කියන කතාව ; නින්දාලාපය.

පදර

1. නා.ප්‍ර. පොළව පැළීමෙන් සෑදුණු විශාල විවරය ; මහත් වූ භූමි විවරය.
2. දැව, ගල් ආදියෙහි පළු ; පුවරු ; පෝරු ; ලෑලි.
3. ගුහාව ; බිම් ගෙය.
4. කපොල්ල.