සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 989

පදවි

1. නා.ප්‍ර. පදවිය ; ධුරය ; තනතුර.
2. පවුල් ජීවිතය ; අඹු සැමි වශයෙන් වාසය.

පදවි නාමය

නා. පදවිය හෝ තනතුර හෝ හැඳින්වෙන නම; නිල නාමය.

පදවිය

1. නා. තනතුර ; ඨානාන්තරය ; නිලය ; ධුරය.
2. වාසය ; පදිංචිය.

පදවීතිහාරය

1. නා. පියවරක දුර ; ගමනෙහි යෙදෙන්නකුගේ දෙපා අතරෙහි දුර
2. හොඳ වැඩක් සඳහා පාගමනින් යෑම ; පියවර තැබීම.

පද්ද

1. නා. පාරුව.
2. වතුර ගන්නා භාජනය ; දියවලඳ ; කළය.
3. මිනුම් ප්‍රමාණයක්; නැලි දෙකක ප්‍රමාණය.
4. පෙරහන.

පද්දනවා

ක්‍රි. ඒ මේ අතට සොලවනවා ; එහෙ මෙහෙ වනනවා.

පද්ධති මෙනුව

නා. පරිගණක භාවිතයේ දී කවුළුවක ප්‍රමාණය වෙනස් කිරිම සඳහා හෝ එය පිහිටි තැන වෙනස් කිරීම සඳහා සෑම කවුළුවකම මාතෘකා තීරුවේ දකුණු පැත්තේ පිහිටි බොත්තම එබූ විට මතුවෙන මෙනුව.

පද්ධතිය

1. නා. කිසියම් රිතියකට අනුව බැඳෙන හෝ යෙදෙන ඒකක සමූහය.
2. ක්‍රමය ; ක්‍රියා පිළිවෙළ ; සමස්තය ; අන්‍යෝන්‍ය සම්බන්ධතා සමූහය.

පද්ම

වි. පද්මය හා සම්බන්ධ.

පද්මගර්හ

නා.ප්‍ර. නෙළුම් මලේ මැද කොටස ; පියුම් ගැබ.

පද්මනාහ

නා.ප්‍ර. නැබෙන් පියුමක් දරන්නා; ශ්‍රී විෂ්ණු.

පද්මබන්ධු

නා.ප්‍ර. නෙළුම් මලෙහි නෑයා වන හිරු ; සූර්යයා.

පද්මය

නා. නෙළුම් මල ; කමල ; පියුම.

පද්මයෝගය

නා. (ජ්‍යෝති.) ජන්ම පත්‍රයක සතර කේන්ද්‍රයේ ශුභාශුභ ග්‍රහයන් මිශ්‍ර ව සිටි කල සෑදෙන යෝගය.

පද්මරාගය

නා. ඉතා වටිනා මැණික් වර්ගයක් වන රතු කැටය ; පියුම්රාමිණ.

පද්මාකරය

[පද්ම + ආකරය]
නා. නෙළුම් මල්වලින් ගැවසි ජලාශය ; පියුම්විල ; නෙළුම් පොකුණ.

පද්මාසනය

[පද්ම + ආසනය]
1. නා. නෙළුම් මලක ආකාරයට තැනූ ආසනය.
2. එරමිණිය ගොතා හිඳීම ප්‍රධාන කොට ඇති යෝගාසන ක්‍රමයක්.

පද්මිනී

1. නා.ප්‍ර. නෙළුම්මල ; පියුම ; පද්මය.
2. පියුම්විල ; නෙළුම් පොකුණ.
3. දේහ ලක්ෂණ අනුව පියුම් සුවඳ සුසුම් හෙළන කාන්තා ප්‍රභේදයක්.

පද්‍යය

නා. වෘත්තයක් අනුව ගෙතූ පාද සහිත රචනය ; කවිය ; ගීය ; ගාථාව හෝ ශ්ලෝකය.

පදානුගත

[පද + අනුගත]
වි. වචනයෙන් වචනය අනුව යන ; වචනාර්ථය මුල් කරගත්.

පදානුපදික

[පද + අනුපදික]
1. වි. යමකුගේ පා සටහන් අනුව ගමන් කරන.
2. වචනයෙන් වචනය, පදයෙන් පදය අනුගමනය කරන.

පදානුසාරය

[පද + අනුසාරය]
නා. යමකු ගිය පාරේ අඩිපාර අනුව යෑම ; පියසටහන් අනුගමනය කිරීම.

පදාර්ථ විද්‍යාව

නා. භෞතික විද්‍යාව ; ද්‍රව්‍ය ධර්ම ශාස්ත්‍රය.

පදාර්ථය

1. නා. පදයෙහි තේරුම ; වචනාර්ථය.
2. ධර්මතාව ; මූලධර්මය ; ගුණාංගය ; ලක්ෂණය.
3. ද්‍රව්‍යය ; භෞතික වස්තුව.