අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 162

ධාරානිපාත

වි. නොකඩවා දිය බිඳු හැලෙන; දිය දහරා ඇද හැලෙන (පා. සං. ධාරානිපාත)

ධාරාව

නා. නොකඩවා ගලා යන දෙය; අඛණ්ඩ ප්‍රවාහය/ ගලා යන විදුලිබලය; විද්‍යුත් ප්‍රවාහය (පා. සං. ධාරා)

ධාරිතාව

නා. යමක අල්ලන ප්‍රමාණය; අඩංගු වන ප්‍රමාණය

ධාරී

වි. උසුලන; දරා සිටින (සං. ධාරීන්)

ධාවක

නා.ප්‍ර. දුවන්නා; ධාවනයෙහි යෙදෙන්නා (පා. සං. ධාවක)

ධාවනපථය

නා. දිවීම කෙරෙන මාර්ගය/ ගුවන් යානය ගොඩබස්වන මාර්ගය

ධාවනය

නා. ඉතා වේගවත් ගමන; දිවීම/ ගලා යෑම; ගැලීම (පා. සං. ධාවන)

ධීමත්

වි. ප්‍රඥාවන්ත; නැණවත්; බුද්ධිමත් (සං. ධීමත්)

ධීර

වි. නුවණින් යුතු; පැනවත්; ප්‍රාඥ/ ධෛර්යය ඇති; දිරිමත් (පා. සං. ධීර)

ධීවර

වි. මසුන් මැරීමේ කර්මාන්තය හා සම්බන්ධ; මත්ස්‍ය කර්මාන්තයට අයත් (සං. ධීවර)

ධීශක්තිය

නා. බුද්ධි සාමාර්ථ්‍යය (සං. ධීශක්ති)

ධුතංගය

නා. කෙලෙසුන් තැවීමේ අංගය; ක්ලේශයන් තැවීමට උපකාර වන චර්යාව (පා. ධුතඞ්ග, ධූතඞ්ග)

ධුරන්ධර

වි. පදවිය උසුලන; ධුරය දරන (පා. සං. ධුරන්‍ධර)

ධුරනික්ෂේපය

නා. ධුරය අත්හැර දැමීම (පා. ධුරනික්ඛෙප)

ධුරය

නා. ඉටු කළ යුතු කාර්යය; වගකීම/ පදවිය; නිලය/ දැරිය යුතු දෙය; වැඩිය යුතු කාරිය (පා. සං. ධුර)

ධුරාවලිය

නා. නිල පන්තිය; පදවි මාලාව

ධුරීණ

වි. පදවියෙහි නියුක්ත; නිලයෙහි රැඳි (සං. ධුරීණ)

ධූත

වි. කම්පා කරන ලද (සං. ධූත)

ධූපය

නා. පූජා පිණිස දල්වනු ලබන සුවඳ ද්‍රව්‍යය (සං. ධූප)

ධූම පටලය

නා. පැතිරී පවතින (ඝන) දුම් රැස; විනිවිද නොපෙනෙන සේ පෙදෙසක් හෝ වස්තුවක් හෝ වසා සිටින දුම් එකතුව

ධූමකේතුව

නා. වල්ගා තරුව (සං. ධූමකේතු)

ධූමය

නා. ගින්නෙන් නගින දුම; යමක් පිලිස්සීමෙන් නඟන ධූමය/ වාෂ්ප පටලය; මීදුම (සං. ධූම)

ධූමරථය

නා. වාෂ්ප බලයෙන් ධාවන කරවන වාහනය; දුම්රිය

ධූමායනය

නා. දුම් ගැස්සවීම (සං. ධූමායන)