අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 192
පලංචිය
නා. උස් වූ මැස්ස; අට්ටාලය (පුර්. palanque)
පලඟ
නා. හිඳගන්නා ආසනය/ එරමිණිය ගොතා වාඩි වී සිටීම (පා. පල්ලඞ්ක)
පලතුරු
නා.බහු. කෑමට ගන්නා අඹ, දොඩම් වැනි ගෙඩි
පලදාව
නා. ගෙඩි හට ගැනීම; අස්වැන්න
පලන්
වි. පැලඳි; පලඳින ලද
පලඳනාව
නා. ආභරණය; සැරසිල්ල (පා. පිලන්‍ධන)
පලඳිනවා
ක්‍රි. අඳිනවා; ඇඳුම්, ආයිත්තම් ආදියෙන් ශරීරය සරසනවා
පලපුරුද්ද
නා. යම් කාර්යයක් කලක් තිස්සේ කිරීමෙන් ඇති වන නිපුණතාව
පලබර
වි. ගෙඩිවලින් බර වූ
පලම
නා. කලන් 12 ක බර ප්‍රමාණය (දෙ. பலம்)
පලය
නා. ගෙඩිය/ විපාකය; ප්‍රතිඵලය (පා. සං. ඵල)
පලවා හරිනවා
ක්‍රි. පන්නා දමනවා
පලවැල
නා.ප්‍ර. කෑමට ගැනීමට සුදුසු ලොකු කුඩා ගෙඩි වර්ග
පලවිපාක
නා.ප්‍ර. ක්‍රියාවක් නිසා ලැබෙන ප්‍රතිඵලය
පලස
නා. ලෝමයෙන් ඝනකමට වියූ රෙද්ද/ බුමුතුරුණ (පා. පලාස)
පලහනවා
ක්‍රි. පුලුස්සනවා; ගින්නෙන් දවනවා
පලහිලව්ව
නා. කාරණය; කරුණ
පල්මාණික්කම්
නා.ප්‍ර. කොපර් සල්ෆේට් ස්ඵටික; පච්ච සීනක්කාරම්
පල්ලම
නා. බෑවුම; හෙල/ වාසිය; ලාභය (දෙ. பள்ளம்)
පල්ලවය
නා. ළපටි කොළය; දල්ල (පා. සං. පල්ලව)
පල්ලැක්කිය
නා. දෝලාව (දෙ. பல்லக்கு)
පල්ලිය
නා. දේවස්ථානය/ පාසල (දෙ. பள்ளி)
පලා
නා.ප්‍ර. කෑමට ගන්නා ගස්වැල්වල කොළ වර්ග (පා. පලාස සං. පලාශ)