අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 54
උත්කලනය
නා. ලිහිල් කිරීම (සං. උත්කලන)
උත්ක්ලිෂ්ට
වි. පිටතට නික්මීම ආරම්භ කළ (සං. උත්කලිෂ්ට)
උත්ක්ෂේපණය
නා. උඩට දැමීම; එසවීම/ භූමිය උස්වීම; උද්ගතය/ නෙරපා හැරීම (සං. උත්ක්ෂෙපණ)
උත්ක්‍රමණය
නා. බැහැරවීම; පහ කිරීම/ සෝදා ගෙන ආ පසින් පහත් ප්‍රදේශ ගොඩවීම (සං. උත්ක්රමණ)
උත්ක්රෝශනය
නා. හඬ නැඟීම; කෑ ගැසීම (සං. උත්ක්රොශන)
උත්කෘෂ්ට
වි. ඉතා උසස්; උත්තම/ විශාල වූ/ සවිස්තර වූ (සං. උත්කෘෂ්ට)
උත්තංසය
නා. මුදුන් මල්කඩ/ කර්ණාභරණය (සං. උත්තංස)
උත්තමපුරුෂ
නා.ප්‍ර. නාම පද පුරුෂ භේදය අනුව වර්ග කිරීමේ දී මම හා අපි යන පද අයත් වන වර්ගය; ‘ම’ ශබ්දකාරකය (සං. උත්තමපුරුෂ)
උත්තමාචාරය
නා. උසස් ම ගෞරවය/ ගෞරවය පිණිස හමුදා සේනාංකයක් විසින් දක්වන පෙළපාලිය (සං. උත්තමාචාර)
උත්තර
වි. උසස්; බලවත්/ අධික/ නා.ප්‍ර. උතුරු දිසාව/ පිළිතුර (පා. සං. උත්තර)
උත්තරණය
නා. එතෙරවීම; එගොඩවීම (පා. සං. උත්තරණ)
උත්තරධ්රැවය
නා. පෘථිවි අක්ෂයෙහි උතුරු කෙළවර
උත්තරාපථය
නා. උතුරු මාර්ගය (පා. සං. උත්තරාපථ)
උත්තරාභිමුඛ
වි. උතුරට මුහුණ ලා සිටින; උතුරට හැරුණු (පා. සං. උත්තරාභිමුඛ)
උත්තරායණය
නා. නිරක්ෂ රේඛාවට උතුරින් වූ සූර්යයාගේ ගමන; සූර්යයා එසේ ගමන් කරන කාල සීමාව (සං. උත්තරායණ: උත්තරායන)
උත්තරාර්ධගෝලය
නා. පෘථිවි ගෝලයේ උතුරු අර්ධය
උත්තල
වි. උඩු අතට නෙරූ; පිටතට වක්‍ර වූ (සං. උත්තල)
උත්තාන
වි. උඩුබැලි; උඩුකුරු/ ඍජු/ නොගැඹුරු/ පැහැදිලි; මනා කොට වැටහෙන (පා. සං. උත්තාන)
උත්තාරණය
නා. ශක්ති කදම්බයක් එක් තැනකින් තවත් තැනකට යැවීම (සං. උත්තාරණ)
උත්තීර්ණ
වි. එතෙර වූ (සං. උත්තීර්ණ)
උත්තුංග
වි. උඩට නැඟි; උස් වූ (සං. උත්තුංග)
උත්තේජනය
නා. ශක්තිමත් වීම; ප්‍රාණවත් වීම (සං. උත්තෙජන)
උත්තෝලනය
නා. එසවීම/ ලීවරය (සං. උත්තොලන)
උත්ථානය
නා. නැඟීම, නැඟිටීම; මළවුන්ගෙන් නැඟිටීම/ ක්‍රියාකාරී වීම (සං. උත්ථාන)