අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 55
උත්පත්තිය
නා. ඉපදීම; හට ගැනීම (සං. උත්පත්ති)
උත්පලවර්ණ
නා.ප්‍ර. නිල්මානෙල් පැහැය/ උපුල්වන් දෙවි (සං. උත්පල+වර්ණ)
උත්ප්ලුත
වි. උඩට නැඟුණු; ඉල්පුණු; උද්දාම වූ (සං. උතප්ලුත)
උත්ප්රේක්ෂාලංකාරය
නා. යම් වස්තුවක ස්වාභාවික පැවැත්ම අන් පරිද්දකින් සිදුවන බව කල්පනා කිරීම ලක්ෂණ කොට ඇති කාව්‍යාලංකාරය (සං. උත්ප්රෙක්ෂාලඞ්කාර)
උත්ප්‍රේරණය
නා. රසායනික වෙනස්වීමක් කිරීමට පාදක වන වෙනස් නොවන රසායනිකයක් හෙවත් උත්ප්‍රේරකයක් මඟින් ප්‍රතික්‍රියාවක් වෙනස් කිරීම/ එහා මෙහා සෙලවීම (සං. උත්ප්රෙරණ)
උත්සංගය
නා. උකුළ; ඔඩොක්කුව/ වැලඳ ගැනීම/ ආංගික අභිනයන්ගෙන් එකක් (සං. උත්සඞ්ග)
උත්ස්වේදනය
නා. ශාකයකට උරා ගන්නා ජලය පත්‍ර මඟින් වාෂ්ප වීම (සං. උත්සෙව්දන)
උත්‍රසළ
නා.ප්‍ර. එනම් නැකත (සං. උත්තරාෂාඪා)
උතුමාණන්
නා. උතුම් වූ තැනැත්තා; ශ්‍රේෂ්ඨ උත්තමයා
උතුරනවා
ක්‍රි. ජලය හෝ ද්‍රව වර්ග පිටාර ගලනවා/ යමක් උවමනා ප්‍රමාණයට වඩා ලැබෙනවා/ ජලය රත් වී නටනවා (පා. සං. උත්තරති)
උතුරු සළුව
නා. උඩුකය වැසෙන සේ පොරවන රෙද්ද; උත්තර සාටකය (පා. උත්තරසාටක සං. උත්තරශාටක)
උදක කෘත්‍යය
නා. ජලයෙන් සෝදා පිරිසිදු වීම (සං. උදකකෘත්ය)
උදකුක්ඛේප
නා.ප්‍ර. දෝතින් දිය ගෙන හාත්පස ඉසීම (පා. උදකුක්ඛෙප)
උදම්රළ
නා. එක් වර ම මුහුදු ජල කඳ ගොඩබිමට ගලා ඒම; සුනාමිය
උදර්පණය
නා. එක් රාජ්‍යයක අපරාධකරුවෙකැයි සැක කරන තැනැත්තකු වෙනත් රාජ්‍යයක සිටින විට ඔහු එම රාජ්‍යය මගින් අත්අඩංගුවට ගෙන අදාළ රාජ්‍යයට භාරදීම
උදරාබාධය
නා. බඩෙහි ඇති වන රෝගය (සං. උදරාබාධ)
උදරාර්ථය
නා. බඩ වඩා ගැනීම; උදර පෝෂණය
උදලු ගානවා
ක්‍රි. උදැල්ලෙන් තණ කොළ සූරා පොළොව ශුද්ධ කරනවා
උදව්ව
1. නා. උපකාරය (දෙ. உதவு) 2. ශීඝ්‍රතාව; ඉක්මන
උදවු කරනවා
1. ක්‍රි. උපකාර කරනවා 2. ඉක්මන් කරනවා 3. උයනවා
උද්ගමනය
නා. ඉහළ නැඟීම; උදාවීම (සං. උද්ගමන)
උද්ග්‍රහණය
නා. ඉගෙනීම; අධ්‍යයනය (සං. උද්ග්‍රහණ)
උද්ගාමක
වි. කෙළින් කරන; ඉහළට යන
උද්ඝාටනය
නා. උපුටා දැමීම; ඉවත් කිරීම (සං. අද්ඝාටන පා. උග්ඝාටන)