සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1009
පලපුරුද්ද
නා. යම් කාර්යයක් කලක් තිස්සේ කිරීමෙන් ඇති වන හැකියාව ; අත්දැකීම ; පුහුණුව.
පලම
ක්‍රි. බර මැනීම සඳහා භාවිත මිම්මක් ; කලං 12ක බර ප්‍රමාණය ; මදට ඇට 240ක ප්‍රමාණය.
පලම් දණ්ඩ
නා. තරාදිය ; තුලාව.
පලරම්
නා.ප්‍ර. පලතුරු උයන ; පලතුරු වත්ත ; ඵලාරාමය.
පලරුක
නා. අනුභවයට සුදුසු ගෙඩි හටගන්නා වෘක්ෂය ; කෑමට ගන්නා ඵලවලින් යුත් ගස.
පලවැල
නා.ප්‍ර. කෑමට ගත හැක්කා වූ ද මදයෙන් හා ඇටින් යුක්ත වූ ද ශාක අවයවය.
පලස
නා. බිම එළීම, පෙරවීම ආදිය සඳහා බැටලු ලොම් ආදියෙන් ඝනකමට වියන ලද රෙද්ද ; කම්බලය.
පලස් හුවට
නා. ලොම් නූල් ගුළිය ; ලෝමයෙන් ඇඹරූ නූල්වැටිය.
පලහනවා
ක්‍රි. ගින්නෙන් දවනවා ; පුලුස්සනවා ; පුච්චනවා.
පලහිලවුව
නා. කාරණය ; කාර්යය ; සිද්ධිය.
පල්
1. නා.ප්‍ර. මඩ ; කලල් ; පඩ්ක.
2. ළා කොළ ; දළු ; පල්ලව.
3. පැරණි බර කිරීමේ මිනුමක් ; පලම.
1. වි. ගලා යෑමකින් නොහොත් අලුතින් එකතු වීමකින් තොර ව එක තැන කලක් රැඳී පවතින
2. පාලනය කරන ; රකින ; ආරක්ෂා කරන.
3. නින්දා කටයුතු ; පහත්.
පල් කඩ
නා.ප්‍ර. මඩ බිම ; වගුරු බිම ; එරෙන මඩ ඇති කුඹුර.
පල් කණා
1. නා. ඇස් කොහෙත් ම නොපෙනෙන පුද්ගලයා.
2. කිසිවක අගයක් නොතේරෙන්නා ; මහා මෝඩයා.
පල් කරනවා
ක්‍රි. දියෙහි හෝ මඩෙහි දමා තැම්බෙන්නට හරිනවා ; පැහෙන්නට අරිනවා.
පල්පය
නා. කඩදාසි ආදිය දියේ ලා පල් කිරීමෙන් තනාගනු ලබන තලපය.
පල්මානික්කම්
නා.ප්‍ර. තඹ අඩංගු රසායනික සංයෝගයක් ; කොපර් සල්පේට් ස්ඵටික ; පච්ච සීනක්කාරම්.
පල්ල
1. නා. යට කොටස ; පතුල ; අඩිය ; පහළ පෙදෙස ; යටි පතුල.
2. කොළය ; පත්‍රය ; පල්ලවය.
3. පලු ලෑල්ල.
පල්ලම
1. නා. බෑවුම; බැස්ම; හෙල ; ප්රපාතය.
2. (රූඩී) වාසිය ; ලාභය.
3. (රූඪ) දුෂ්කර අවස්ථාව ; ගැටළුබර තත්ත්වය ; අසීරු අවස්ථාව.
පල්ලම් පොල්ල
නා. කරත්තයේ වේගය අඩු කිරිම සඳහා ඇද තද කිරීමට රෝද පසුපස එල්ලන ලීය.
පල්ලම් බහිනවා
1. ක්‍රි. පල්ලමක පහතට ගමන් කරනවා ; බෑවුමක පතුල දෙසට ගමන් කරනවා.
2. පහත වැටෙනවා ; පිරිහීමට භාජන වෙනවා ; අඩු වෙනවා.
පල්ලවය
1. නා. ළා දල්ල ; අලුතෙන් හටගත් කොළය ; ළා පත්‍රය.
2. (පාරිභා.) ජෙලි මත්ස්‍යයාගේ ශරීර අද්දර දාර හෝ (කළුකුමා වැනි) ඇතැම් පක්ෂීන්ගේ හිස හෝ උගුරට සම්බන්ධ ව තැල්ලක් සේ නෙරා ඇති කොටස.
පල්ලැක්කිය
නා. මිනිසුන් විසින් කරෙන් ඔසොවා ගෙන යනු ලබන පැරණි යානා විශේෂයක් ; දෝලාව ; දෝලිය ; හිදොලුව ; කුණම.
පල්ලිකුඩම
නා. (ක්‍රිස්ති.) අකුරු උගන්නා තැන ; පාසල ; පාඨශාලාව.