සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 248
ඇලි
1. නා.ප්‍ර. මියර; නියර.
2. නා.ප්‍ර. පෙළ; පංතිය; සමූහය.
ඇලි කටුව
(පාරිභා.) නා. තව් විදීමට පාවිච්චි කරන උපකරණය; බුරුමය (=slot drill).
ඇලිගොඩලි
(කථා.) නා.බහු. පොළොවෙහි පහත් තැන් හා උස් තැන්.
ඇලිමැළි
1. වි. අලස; කම්මැළි.
2. වි. අදිමදි; පසුබට.
ඇලිය
1. නා. දියපාර; කුඩා ඇළ; කානුව : අගල.
2. නා. ගලා යන වතුර නිසා හෑරුණු කානුව.
3. (පාරිභා.) නා. අගලක හැඩය ඇති දිග තව්ව ; සිදුර (=slot).
ඇලියුරෝන්
(පාරිභා.) නා.ප්‍ර. ඇට වර්ගවල කණිකා වශයෙන් දක්නට ලැබෙන සංචිත ප්‍රෝටීන් ද්‍රව්‍ය (=aleurone).
ඇලිස් කටුව
නා. ඇණ ඇල්ලීමට පළමු ලී ආදිය විද ගැනීම පිණිස වඩුවන් විසින් පාවිච්චි කරනු ලබන වානේ කටුව.
ඇලී ගන්නවා
ක්‍රි. ඇලෙනවා; ආසක්ත වෙනවා.
ඇලුමිනා
(පාරිභා.) නා.ප්‍ර. ඛනිජ පස් වර්ගයක්; ඇලුමිනියම් ට්‍රයොක්සයිඩ් (=alumina).
ඇලුමිනියම්
නා.ප්‍ර. සුදු පාටට හුරු සැහැල්ලු ලෝහ වර්ගයක්.
ඇලොපති
නා.ප්‍ර. රෝගයක් නිසා ශරීරයෙහි ඇති වූ තත්ත්වයට වෙනස් වූ තත්ත්වයක් ඇති කරන වූ ප්‍රතිකර්ම යෙදීමෙන් ලෙඩ සුව කරන වෛද්‍ය ක්‍රමය.
ඇලෝයි
(පාරිභා.) නා.ප්‍ර. ලෝහ වර්ග කීපයක් මිශ්‍ර කොට සාදාගන්නා ලෝහය; ලෝහය (=alloy).
ඇවගාඩ්රෝ නියමය
(පාරිභා.) නා. එක ම උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී විවිධ වායුවල සමාන පරිමාවල ඇති අණු සංඛ්‍යා සමානය යනුවෙන් ඇවගාඩ්රෝ නම් විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද නියමය (=avogadro’s law).
ඇවරි කණුව
(කථා.) නා. යක්ෂාදින්ට දෙන පිදේනි හෝ පහන් හෝ තබන සාමාන්‍යයෙන් අගින් තුනට බෙදුණු කරුවක් ඇති කණුව.
ඇවරිය
1. නා. කෙසෙල් කැනක එක් එක් ගෙඩි පෙළ; පොකුරක් මෙන් සෑදී ඇති ගෙඩි පේළිය.
2. (කථා.) නා. පොල් ගෙඩියක ලෙල්ලෙහි සමාන්තර රේඛා දෙකක් කපා ඒ අතරින් ඇද ගන්නා සිහින් පතුර.
3. නා. පහන් දැල්වීමට සැදූ තෙල් වැට; පහන් වැට.
4. නා. බොල් රොඩු ආදිය ඉවත් කරනු සඳහා වී හුළං කිරීමේ දී ගොවියාට නැග සිටීමට ලී දඬු තුනක් සිටුවා සාදාගන්නා මැස්ස; කුරාලය.
5. නා. ආරුක්කුව; තොරණ.
6. නා. ගොක්කොළ එල්ලූ රැහැන; ගොප් රැහැන.
ඇවරියන් බඳිනවා
(කථා.) ක්‍රි. වරිච්චි බිත්තියක් සෑදීම සඳහා ලී කෝටු සිටුවා ඒවා එකිනෙකට අසු කොට ගැට ගසනවා; වරිච්චි බඳිනවා.
ඇවැත්
නා.ප්‍ර. ගරුකටයුතු තැනැත්තා; පූජ්‍යයා; ආයුෂ්මතා; භික්ෂූන් වහන්සේ පිළිබඳ ව කියැවේ.
වි. ගෞරවාර්හ; පූජ්‍ය.
ඇවැත් දෙසනවා
ක්‍රි. (විනය.) ඇවතකට හෙවත් භික්ෂු භික්ෂුණී ප්රාතිමෝක්ෂ දෙකෙහි ශික්ෂා පදයක් හෝ උපසම්පන්නයකු විසින් ඉක්මවනු ලැබීමේ වරදකට පැමිණි භික්ෂුවක් අන් භික්ෂුවක ඉදිරියේ ඒ බව සැලකර සිටිනවා; ආපත්ති දෙසනවා.
ඇවැස්ස
වි. අවශ්‍ය වූ; අතිශයින් ම වුවමනා වූ.
ඇවැස්ස නෑනා
නා. පියාගේ සොහොයුරිය හෙවත් නැන්දාගේ හෝ මවගේ සොහොයුරා හෙවත් මාමාගේ හෝ දියණිය.
ඇවැස්ස නෑයා
නා. ළග නෑයා; කිට්ටුවර ඥාතියා; සමීප ඥාතියා.
ඇවැස්ස මස්සිනා
නා. පියාගේ සහෝදරිය හෙවත් නැන්දාගේ හෝ මවගේ සහෝදරයා හෙවත් මාමා ගේ පුත්‍රයා.
ඇවැස්ස විවාහය
නා. ඇවැස්ස නෑකම අනු ව සිදුවන විවාහය; ඇවැස්ස නෑනලා මස්සිනාලා අතර සිදුවන විවාහය.
ඇවැස්සයා
නා. ඇවැස්ස මස්සිනා.