සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 388
කච්චන් සුළඟ
නා. ශ්රී ලංකාවේ වියළි කලාපය ආශ්රිත ව හමා යන ජලවාෂ්ප රහිත වියළි සුළඟ.
කච්චි කිරිකඩ
(කථා.) නා. මනාලයා විසින් මනාලියගේ මවට තෑගි කොට දෙන (නොකැපූ) රෙදි කච්චිය; කිරිකඩ සේලය.
කච්චි දැල
නා. මසුන් ඇල්ලීම සඳහා භාවිත වන කුඩා ඇහි ඇති දැල් විශේෂයක්.
කච්චිය
1. නා. නොකැපූ රෙදි ප්රමාණය.
2. නා. රෙද්ද; ඉණ වටා ඇඳි වස්ත්රය.
කච්චේරිය
නා. දිස්ත්රික්කයක පරිපාලන කාර්යාලය; වර්තමානයේ දිස්ත්රික් ලේකම් කාර්යාලය වශයෙන් හැඳින්වේ.
කච්ඡපයා
1. නා. ඉදිබුවා.
2. නා. කැස්බෑවා.
කච්ඡභු
නා. කළපුව; වගුරුබිම.
කච්ඡය
1. නා. ලැහැබ.
2. නා. කිසිල්ල.
3. නා. මෙවුල්දම; ඇතුන්ගේ කඳ මැද බඳිනු ලබන පොරොදුව.
4. නා. වගුරුබිම; කළපුව.
5. නා. කන්දක් අවට ඇති සමතලා පහත්බිම.
6. නා. විවරය.
7. නා. තෘණ.
7. නා. ලතාව; වැල.
කජංගලය
1. (කථා.) නා. හදිසිය; කරදරය.
2. (කථා.) නා. අවුල; කලබලය.
කජ්ජ
1. නා. කජු ඇටය.
2. නා. වැඩය; කටයුත්ත.
කජ්ජලය
1. නා. වලාකුළ.
2. නා. පහන් දැලි.
කජු
1. නා.ප්ර. ඵලයට පිටින් මදයක් සහිත ඇටය පවතින පලතුරු වර්ගයක්.
2. නා.ප්ර. කෑ යුතු දේ; කෑම.
3. නා.ප්ර. කද.
කජු කනවා
(කථා.) ක්රි. ඉතා පහසු කාර්යයක් කරනවා.
කජුමැලියම්
(කථා.) නා.ප්ර. කජු ගසෙන් වැගිරෙන ලාටු.
කඤ්චකී
1. නා.ප්ර. යුද්ධභටයා; සෙබළා.
2. නා.ප්ර. අන්තඃපුර ආරක්ෂකයා; ද්වාරපාලකයා.
කඤ්චන
නා.ප්ර. රන්; රත්රන්.
කඤ්චනකය
නා. බෙහෙත් හෙප්පුව.
කඤ්චුකය
1. නා. උඩුකය වැසෙන සේ අඳින ඇඳුම.
2. නා. යුද්ධ හැට්ටය; සන්නාහය.
3. නා. සර්පයාගේ හැවය.
4. නා. වැස්ම; කොපුව.
කඤ්ජ
නා.ප්ර. පියුම; පද්මය.
කඤ්ජික
නා.ප්ර. බතින් පෙරා ගන්නා දිය; ලුණු කැඳ; බෙහෙත් කැඳ.
කට
1. නා.ප්ර. මුව; මුඛය.
2. නා.ප්ර. මුඛයට වරකට පොහොනා (ආහාර හෝ පාන) ප්රමාණය.
3. නා.ප්ර. සිදුර; විවරය.
4. නා.ප්ර. බෙල්ල; ගෙල.
5. නා.ප්ර. උකුළ; කටී ප්රදේශය.
6. නා.ප්ර. ලී; දැව.
7. නා.ප්ර. පැදුර; කළාලය.
8. නා.ප්ර. ඇත් පැටවා.
9. නා.ප්ර. මිණි ගෙඩිය.
10. නා.ප්ර. සමූහය; රාශිය.
11. නා.ප්ර. ජය; දිනුම.
12. නා.ප්ර. මොහොත; නිමේෂය.
13. නා.ප්ර. ඇතාගේ කම්මුල; කපෝලය.
14. නා.ප්ර. මළ සිරුර.
15. නා.ප්ර. ‘කර’ ධාතුවෙහි කෘදන්ත රූපයක්.
කට උත්තරය
1. නා. සාක්කි කාරයකු උසාවියෙහි ඉදිරිපත් කිරීම වෙනුවට මතු ප්රයෝජනයට ගැනීම සඳහා ප්රාමාණික ලෙස ඔහුගෙන් ලබාගත් සාක්කිය; දිවුරුම් සාක්කිය.
2. නා. නිදහසට කාරණා වශයෙන් දිය හැකි පිළිතුර.
කට ගහනවා
(කථා.) ක්රි. එකට එක කියනවා; එරෙහි ව කතා කරනවා.
කට ගැසුම
නා. ආහාර ගැනීමේදී හෝ මත්පැන් බීමේදී කටට රුචි ඉපදවීම සඳහා ගන්නා බැදුම් වැනි සුළු කෑමක්.