සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 389
කට දමනවා
ක්‍රි. වෙනත් අයගේ කතාවට බලෙන් මෙන් ඇතුළු වෙනවා; අනුන්ගේ කතාවකට මැදිහත් වෙනවා.
කට දල්වනවා
ක්‍රි. කට අරිනවා; කට අයා ගන්නවා.
කට දොඩනවා
1. ක්‍රි. පුරසාරම් කියවනවා; කයිවාරු ගසනවා; කටමැත දොඩවනවා.
2. ක්‍රි. කටට ආ දේ කියනවා.
කට පිම්ම
නා. වාෂ්පයෙන් යමක් තම්බා ගැනීමට දිය පිරුණු හැළියක කට වසා බැඳි රෙදිකඩ.
කට බක්කා
(කථා.) නා. විශාල කටක් ඇත්තා; මකරා.
කට බරියා
(කථා.) නා. පහතට බර වූ හෙවත් නෙරාගිය තොල් සහිත කටක් ඇත්තා.
කට රැක ගන්නවා
ක්‍රි. නුසුදුසු කථා නොකියා ඉන්නවා.
කට වචනය
නා. වචනයෙන් පමණක් කරන ප්‍රකාශය; කටින් කියන කරුණ; වාචික ප්‍රකාශය.
කට වරද්ද ගන්නවා
(කථා.) ක්‍රි. නුසුදුසු වචන කියනවා; නොකිය යුතු දෙයක් කියනවා.
කට වළල්ල
නා. තොවිල්වල දී දී (යකැදුරු විසින්) කටින් ඩැහැ ගන්නා පරිදි දෙපැත්තේ පන්දම් දෙකක් බැඳ ඇති වළල්ල.
කට විරිත්තනවා
(කථා.) ක්‍රි. දත් පෙනෙන සේ මඳක් සිනාසෙනවා; විලිස්සනවා; සමච්චලයට සිනාසෙනවා.
කට හොල්ලනවා
1. ක්‍රි. කට අරිනවා; යමක් කියනවා; කථා කරනවා.
2. ක්‍රි. කනවා; කෑම බීම ලැබෙනවා.
කටක
1. නා.ප්‍ර. කකුළුවා.
2.(ජ්‍යෝති.) නා.ප්‍ර. කකුළුවාගේ රූපය සංකේතය වශයෙන් යොදා ගන්නා රාශි චක්‍රයේ සිව්වන රාශිය; කර්කටක රාශිය.
3. නා.ප්‍ර. වළල්ල.
4. නා.ප්‍ර. පර්වතයක මධ්‍ය භාගය හෝ පාර්ශ්වය.
5. නා.ප්‍ර. (රජ) මඬුල්ල; සමූහය; රාජාවලිය.
6. නා.ප්‍ර. කඳවුර.
කටක රාශිය
1. නා. කකුළුවකුගේ ස්වරූපය ඇතැයි සැලකෙන තාරකා පෙළ.
2. නා. රාශිචක්රයේ සිවුවැන්න.
කටකතාව
නා. කටින් කට පැතිරෙන කතාව; දූෂමාන ආරංචිය; ප්‍රවාදය.
කටකලියාව
නා. අසුන් මෙහෙයවීම පිණිස මුඛයට හා හොම්බට දමන උපකරණ කට්ටලය; කඩියාලම.
කටකළුවා
1. නා. විෂ සහිත සර්පයෙක්.
2. (කථා.) නා. මත්ස්‍ය වර්ගයක නාමය.
කටකාර
1. (කථා.) වි. කථාවෙහි දක්ෂ; මුඛරි.
2. වි. දොඩමලු; වාචාල.
කටකිරියා
1. නා.ප්‍ර. මළ සිරුරට ගෞරව කිරීම වශයෙන් කරන පැන් වත්කිරීම වැනි ක්‍රියා.
2. නා.ප්‍ර. මෘතදේහය පිළිබඳ අවසාන කටයුතුවලින් පසු දෙන බත් බුලත් සංග්‍රහය; මතක දානය.
3. නා.ප්‍ර. පිපාසය.
කටකෙඳි
නා.ප්‍ර. සිවුපාවන්ගේ හෝ පක්ෂීන්ගේ කටෙහි ඇති රෝම; මුඛකේශ.
කටගමුව
1. නා. (බඩ පිරී) කට ළඟට එන තරම; (බඩ පිරී) උගුරට එන තරම් ප්‍රමාණය.
2. (කථා.) නා. ඉතා සමීපය.
කටගරු
(කථා.) නා.ප්‍ර. පුරසාරම; කට මැත.
කටගා ගන්නවා
1. (කථා.) ක්‍රි. ඉතා ස්වල්ප ප්‍රමාණයක් මත්පැන්
2. යම්තම් ටිකක් බොනවා. ඉගෙන ගන්නවා.
කටගානවා
(කථා.) ක්‍රි. කටේ ගානවා; මුඛය තෙමනවා; මුවෙහි තබනවා.