සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 430
කල් කිරිය
1. නා. (ව්‍යාක.) අතීතාදි කාලයක් අඟවන ක්‍රියාව.
2. නා. මියයාම.
කල් ගිය
1. වි. පරණ වූ; කාලයක් පැවති; නිදන්ගත.
2. වි. වයස්ගත; වයෝවෘද්ධ.
3. වි. පසු අවස්ථාවකට නියම කළ; කල් දැමූ.
කල් තබනවා
ක්‍රි. නඩුවක් ඇසීම, රැස්වීමක් පැවැත්වීම, ආදිය ඉදිරි දිනකට නියම කරනවා; කල් දමනවා.
කල් දන්නවා
ක්‍රි. යමකට සුදුසු කාලය පැමිණෙන තුරු සැලකිලිමත් වෙනවා; සුදුසු අවස්ථාව පැමිණෙන තුරු සිටිනවා.
කල් බද්ද
(පාරිභා.) නා. වාහන, ඉඩම් ආදිය ලබා ගැනීම සඳහා ඇති ණය ක්‍රමයක්; අදාළ දේපළ ඇපයක් ලෙස තබා ගෙන මූල්‍ය ආයතන විසින් මෙම ණය නිකුත් කරනු ලැබේ (=lease).
කල් බඳිනවා
ක්‍රි. ආදරයෙන් බැඳෙනවා; තදින් ඇලුම් කරනවා; ආලය පානවා.
කල්ක කුහරය
නා. දතෙහි ඇතුළත ඇති ස්නායු හා රුධිර නාලවලින් ගැවසී ඇති කොටස.
කල්කය
1. නා. අඹරන ලද සඳුන් ආදියෙන් කළ ආලේපය; විලේපනය.
2. නා. ඖෂධ වර්ග අඹරා ගැනීමෙන් සාදා ගන්නා සංයෝගය.
3. නා. කඩදාසි සෑදීමට පාවිච්චි කරන ලීකුඩු, පිදුරු ආදිය අඹරා සාදා ගන්නා පල්පය.
කල්කාන්තර
(කථා.) වි. බොහෝ කල් සිට පැවතෙන; ඉතා පැරණි; පෞරාණික.
නා. අතිදීර්ඝ කාලය.
කල්කි
නා.ප්‍ර. අධර්මිෂ්ඨයන් විනාශ කරන්නකු වශයෙන් ද ධර්මය නැවත ඇති කරන්නකු වශයෙන් ද සැලකෙන දස වැනි විෂ්ණු අවතාරය.
කල්ගොස
නා.ප්‍ර. යම් කිසි කටයුත්තකට සුදුසු කාලය පැමිණ ඇතැයි දැන්වීමට කරන ශබ්දය; කාලඝෝෂාව.
කල්දේරම
නා.ප්‍ර. විශාල ප්‍රමාණයෙන් යමක් උණුකිරීම හෝ තැම්බීම ආදිය සඳහා ගන්නා ලෝහමය භාජනය; විශේෂයෙන් අරක්කු පෙරීම හා රා උණු කිරීම සඳහා ගැනෙන ලෝහමය භාජනය.
කල්ප
1. නා.ප්‍ර. වෛදික යාග විධි හා ක්‍රම විස්තර කෙරෙන ශාස්ත්‍රය.
2. නා.ප්‍ර. අරමුණ; අදහස; කල්පනාව; සංකල්ප.
3. නා.ප්‍ර. වෛද්‍ය පිළියම් යෙදීම; රෝගෝපසමය.
4. නා.ප්‍ර. දීර්ඝ කාලපරිච්ඡේදයක් හඳුන්වන නාමය.
වි. වැනි; සමාන; සදෘශ.
කල්ප ලතාව
නා. දිව්‍ය ලෝකයෙහි ඇතැයි ද සිතු පැතු දේ ප්රදානය කරතැයි ද විශ්වාස කරනු ලබන වැල; කප්ලිය.
කල්ප විනාශය
නා. කල්පයක් කෙළවර දී ලෝකධාතු විනාශයට පත්වීම; කල්පය ගෙවී අවසාන වීම.
කල්ප වෘක්ෂය
නා. දෙව්ලොව ඇති සිතු පැතු දේ ප්රදානය කරතැයි විශ්වාස කරනු ලබන වෘක්ෂය; කප්රුක.
කල්පනය
1. නා. පිළියෙල කිරීම; සකස් කිරීම.
2. නා. සිතින් මවා ගැනීම; කවි කල්පනාව.
3. නා. අදහස; සංකල්පය; මතය.
4. නා. සලකා බැලීම; මනසිකාරය.
5.(පාරිභා.) නා. සිතා ගැනීම; කල්පිතය (=supportion).
කල්පනාකාරී
වි. විමසිලිමත්; සැලකිලිමත්; සිතිවිල්ලෙන් යුක්ත.
කල්පනාව
නා. සිතිවිල්ල; චින්තනය; අදහස; හැඟීම; අභිප්‍රාය; මතය.
කල්පනීය
වි. සිතිය යුතු; සලකා බැලිය යුතු; කල්පනා කළ යුතු.
කල්පස්ථායි
වි. කල්පයක් පවතින; කල්පයක් අවසන් වනතුරු පවතින.
කල්ප්ය
වි. කැප; සුදුසු; යෝග්‍ය.
කල්පාග්නිය
[කල්ප + අග්නිය]
නා. කල්ප විනාශයේ දී හට ගනිතැයි විශ්වාස කරනු ලබන ගින්න.
කල්පාන්ත මේඝය
නා. කල්ප විනාශයේ දී හට ගනිතැයි විශ්වාස කරනු ලබන මහා වර්ෂාව.