සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 479
කිරීට කපාටය
(පාරිභා.) නා. හෘදයේ වම් කර්ණිකා ඡිද්‍රය පාලනය කරන කපාටය; උෂ්ණ කපාටය.
කිරීට සන්ධිය
නා. ගසකට අංකුරයක් බද්ධ කිරීමේ ක්‍රමයක්.
කිරීටය
1. නා. ඔටුන්න; කිරුළ.
2. නා. ඇටයක මුදුන් භාගයේ හෝ මලක පෙති නැට්ටට සම්බන්ධ වන තැන හෝ පිහිටි කුඩුම්බිය; කශිකා වළල්ල.
කිරුළ
නා. ඔටුන්න; කිරීටය.
කිරෙළු
නා.ප්‍ර. බැටළුවා.
කිලඤ්ජක
නා.ප්‍ර. පැදුර; කලාලය.
කිලමථය
නා. වෙහෙස; තෙහෙට්ටුව; ක්ලාන්තය; ක්ලමථය; කිලමනය.
කිල්ල
1. නා. ඔසප්වීම; ඍතු වීම; මාස් ශුද්ධිය.
2. නා. කිලුට; අපවිත්‍රතාව.
කිල්ලෝටය
නා. බුලත් විටට ගන්නා හුනු තබා ගන්නා හෙප්පුව; හුනු හෙප්පුව.
කිලි
1. නා.ප්‍ර. භාජනය; පාත්‍රය.
2. නා.ප්‍ර. අලසකම; මැළිබව.
3. නා.ප්‍ර. ඔසප්වීම; ඍතු වීම.
4. නා.ප්‍ර. කිලුට; අපවිත්‍රතාව.
5. නා.ප්‍ර. කුෂ්ඨය; කුෂ්ඨරෝගය.
කිලි ගෙය
නා. දැරියක් පළමුවරට ඔසප් වූ අවස්ථාවේ හෙවත් වැඩිවියට පත් වූ අවස්ථාවේ ඇය නාවන තෙක් වෙන් කර තබන කාමරය හෝ පැල.
කිලි පොළනවා
ක්‍රි. ප්‍රීතිය, උත්කර්ෂය, ප්‍රකෝපය, සන්ත්රාසය ආදි උද්වේගයක දී ශරීරය කම්පනය වෙනවා; රෝමොද්ගමනය වෙනවා.
කිලි පෝච්චිය
(පාරිභා.) නා. ගෙය තුළ දී මූත්‍ර කිරීමට භාවිත කරන භාජනය; පිස් පෝච්චිය.
කිලි වැරීම
නා. ස්ත්රීන්ගේ මාස් ශුද්ධිය සම්පූර්ණයෙන් නැවතීම; ආර්තවාභාවය.
කිලිඟු
1. නා.ප්‍ර. ශ්‍රී මහා බෝධියට (සේවා සැපයූ අටළොස්කුල අතුරින්) නවමල් හා සුවඳ සම්පාදනය භාර ව සිටි කුලය.
2. නා.ප්‍ර. (රාජ කුමාරයින්) සුවඳ පැනින් නාවා අන්දම් තබා මලින් සරසන සේවකයා.
3. නා.ප්‍ර. නපුංසකයා; පණ්ඩකයා.
4. නා.ප්‍ර. බිසෝ මැඳුරෙහි මෙහෙකරුවා; අන්තඃපුර සේවකයා.
කිලිටි
1. වි. අපිරිසිදු; අපවිත්‍ර; මලින; කුණුවැකුණු; දුර්වර්ණ.
2. වි. මානසික ව හෝ චරිතාදියෙන් හෝ පිවිතුරු නොවූ; පවින් බර වූ; කෙලෙසුණු; දූෂිත.
කිලුනු කරනවා
ක්‍රි. තෙත් කරනවා; තෙමනවා.
කිලේදක
වි. තෙත් කරන; තෙත් බව ඇති කරන.
නා.ප්‍ර. ආහාරයෙහි තෙත් බව ඇති කරන ආමාශයෙහි තිබෙන සෙම.
කිලෝග්රෑමය
නා. මෙට්‍රික් ක්‍රමයට අයත් බර මිනුම් විශේෂයක් වන ග්‍රෑම් දාහක බර.
කිලෝචක්රය
(පාරිභා.) නා. (තත්පරයකට ඇති වන) චක්‍ර දාහක සංඛ්‍යාතය.
කිලෝබයිටය
නා. පරිගණකයක ගබඩා කර තබා ගත හැකි මතක ශක්තියෙහි ධාරිතාවය මනින ඒකකය.
කිලෝමකය
නා. හදවත හා වකුගඩුව වසා සිටි සම හෝ දලබුව.
කිලෝමීටරය
(පාරිභා.) නා. මෙට්‍රික් ක්‍රමය අනු ව දිග මනින මිනුම් විශේෂයක් වූ මීටර දාහක දුර.
කිලෝවොට්
(පාරිභා.) නා.ප්‍ර. විදුලි උපකරණ ක්‍රියා කරවීමට වැය වන ශක්තිය මනිනු ලබන වොට් දාහකට සමාන වූ මිම්ම.