සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 810
දළවළල්ල
1. නා. ඇත්දළින් නිමවන ලද වළල්ල; දළමුවා දරණුව.
2. නා. වළල්ලක් වැනි දළය.
දළවිසඹි
නා.ප්‍ර. අතිශයින් හිතවත් යාළුවා; දෘඪ මිත්‍රයා.
දළසක්
1. නා.ප්‍ර. නළලෙහි චක්ෂුවක් හෙවත් ඇසක් ඇති ශිව දෙවි.
2. නා.ප්‍ර. ශිව දෙවිගේ නළලෙහි පිහිටා ඇති ඇස.
දළසඳ
නා. ජටාවෙහි නව සඳක් දරන ශිව දෙවියා.
දළසිඟ
නා.ප්‍ර. (නළලෙහි අඟක් ඇති) කඟවේණා.
දළහර
1. නා.ප්‍ර. දැඩි අරටුව; ලී අරටුව.
2. නා.ප්‍ර. මුතු මාලය.
දළිද්ද
වි. දිළිඳු; දුප්පත්; නිර්ධන.
ද්වඞ්ගුල
නා.ප්‍ර. දෑඟුල; ඇඟිලි දෙකක පළල.
ද්වන්ද යුද්ධය
නා. දෙදෙනකු පමණක් අතර සිදු වන සටන.
ද්වන්ද්ව
1. වි. දෙදෙනකු හෝ යුග්මයක් අතරවන, දෙදෙනකු හෝ යුග්මයක් පිළිබඳව
2. වි. තර්කානුකූල; හේතුවක් සහිත; විද්‍යාත්මක.
නා. යුග්මය; යුගල; ජෝඩුව.
ද්ව්‍යාංගී
(පාරිභා.) වි. කොටස් දෙකකින් යුක්ත; අංග දෙකකින් සමන්විත.
ද්වාදශ
නා.ප්‍ර. සංඛ්‍යාවක්; දොළහ; දොළස.
ද්වාදශාස්‍රය
(පාරිභා.) නා. (ගණිත.) කෝණ දොළහක් ඇති සමතලය; පැති දොළසකින් යුත් බහු අස්‍රය (=duodecagon).
ද්වාර වාතපානය
නා. වාතය ඇතළුවීම සහ පිටවීම සඳහා ගෙයක තබන කවුළුව; වාකවුළුව.
ද්වාර ශිරාව
(පාරිභා.) නා. අක්මාව කරා රුධිරය ගෙන එන ශිරාව; ප්රතිහාරි ශිරාව (=portal vein).
ද්වාරපථය
නා. දොරටු මග; පිවිසුම් මාර්ගය; ප්‍රවේශ මාර්ගය.
ද්වාරමණ්ඩපය
1. නා. පැරණි ගෘහ නිර්මාණ අංගයක්; වටේට ආවරණය වන ලෙස තනන ලද ගෘහය හෝ ශාලාව; දොරටු තබා මණ්ඩපයක ආකාරයට තැනූ ගෘහය.
2. නා. යෝනිය සම්බන්ධ කුඩා අවයවයක්; ආලින්දය (=vestibule).
3. නා. මනුෂ්‍යයාගේ කණ හා සම්බන්ධ කුඩා අවයවයක්; කර්ණාලින්දය.
ද්වාරය
1. නා. දොර; දොරටුව; දොරකඩ.
2. නා. ඇතුළුවීම හා පිටවීම වැළැක්වීම පිණිස දොරටුව වසන පියන; දොරටුව වළකන ආවරණය.
3. නා. ගෘහාභිමුඛය; මිදුල.
4. නා. හදවත් කුහරය කරා ලේ ගලන කුඩා විවරය (=ostium).
ද්වාරාලින්දය
නා. ගෙයක ප්‍රධාන දොරකඩ හා සම්බන්ධ කොට ඇති ආලින්දය.
ද්වි
නා.ප්‍ර. දෙක.
වි. දෙකකින් යුක්ත වූ; දෙකක් වූ.
ද්වි අවතල
(පාරිභා.) වි. මැදින් ඇතුළත එබී ගියාක් වැනි පැති දෙකක් ඇති; අවතල පැති දෙකක් සහිත.
ද්විකය
1. නා. දෙකකින් යුත් කැටිය; දෙකකින් සෑදුණු ඒකකය; යුගලය; කුට්ටම.
2. (පාරිභා.) නා. සංයුජතාව දෙක වශයෙන් පවත්නා මූලද්‍රව්‍ය.
ද්විගුණ
වි. දෙකෙන් වැඩි කරන ලද; දෙගුණයක් වූ.
නා.ප්‍ර. දෙකෙන් වැඩි කර ලබන උත්තරය; දෙගුණය.
ද්විගුණ වියෝජනය
(පාරිභා.) නා. රසායනික සංයෝග දෙකක් අතර අන් සංයෝග දෙකක් ඇතිවන ආකාරයෙන් ප්‍රතික්‍රියා වීම (=double decomposition).