අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 299
විකසනය
නා. වැඩීම/ ප්‍රබෝධ වීම (සං. විකසන)
විකසිත
වි. පිපුණු; ප්‍රබෝධ වූ (පා. සං. විකසිත)
වික්ෂිප්ත
වි. විසිරුණු; අවුල් වූ; ව්‍යාකූල වූ (සං. වික්ෂිප්ත)
වික්ෂේපය
නා. කැලඹීම/ කනගාටුව/ සංගීත ශාස්ත්රයේ දී ඇඟිලි දිග ඇරීම (සං. වික්ෂෙප)
වික්ෂෝභය
නා. කැලඹීම (සං. වික්ෂොභ)
විකාල
නා.ප්‍ර. නුසුදුසු කාලය (පා. විකාල)
විකාශනය
නා. පැතිරීම; වර්ධනය වීම/ අනුක්රමයෙන් ව්‍යාප්ත වීම (සං. විකාශන, විකාසන)
විකාශය
නා. පැතිරීම/ පිබිදීම (සං. විකාශ පා. විකාස)
විකිරණය
නා. පැතිරීම; විසුරුවීම/ යම් යම් ද්‍රව්‍ය විද්‍යුත් චුම්බක තරංග වශයෙන් හෝ රශ්මිධාරා වශයෙන් නිකුත් කිරීමේ හැකියාව (පා. සං. විකිරණ)
විකිරණශීල
වි. විකිරණ ස්වභාවය ඇති
විකුණනවා
ක්‍රි. අලෙවි කරනවා (පා. වික්කිණාති)
විකෘති
වි. අස්වාභාවික; විරූප වූ (සං. විකෘති)
විකේන්ද්‍රණය
නා. කේන්ද්‍රගත නොවීම
විඛණ්ඩනය
නා. පරමාණු න්‍යෂ්ටියක් දෙකඩ කිරීම; විච්ඡේදනය
විඛාදනය
නා. දිරායෑම (සං. විඛාදන)
විගණකාධිපති
නා. රජයේ ප්‍රධාන ගිණුම් නිලධාරි
විගණනය කරනවා
ක්‍රි. ගිණුම් සටහන් විධිමත් ව පරීක්ෂා කරනවා
විගමනය
නා. ඉවත්වීම/ වෙනත් රටකට යෑම (පා. සං. විගමන)
විග්‍රහය
නා. යමක් අවයව වශයෙන් වෙන් කොට දැක්වීම/ විස්තර කිරීම/ සටන (සං. විග්රහ)
විඝටනය
නා. කොටස්වලට බෙදීම; විග්‍රහය (සං. විඝටන)
විඝ්නය
නා. උවදුර; බාධාව; විනාශය (සං. විඝ්න)
විචක්ෂණ
වි. දක්ෂ; උගත් (සං. විචක්ෂණ)
විචලනය
නා. වෙනස්වීම; පැත්තකට නැමීම (සං. විචලන)
විචල්‍ය
වි. නිශ්චිත අගය වෙනස්වනසුලු (සං. විචල්‍ය)