බුද්ධදත්ත පාලි අකාරාදිය – 37

අනුත්තර

3. ඉතා උතුම්; ශ්‍රේෂ්ඨයෙකු නැති.

අනුත්තරිය

න. ‍ශ්‍රේෂ්ඨ බව.

අනුත්තාන

3. අප්‍රකට; ගැඹුරු.
3. නො පැහැදිලි.

අනුත්ථුනත්ත

3. ශෝකාතුර වචන කියන.

අනුත්ථුනාති

(අනු+ථු+ණා) ශෝකාතුර වචන කියයි.

අනුත්‍රාසි

3. තැතිගැනීම් නැත්තා.

අනුතාප

පු. පසුතැවිල්ල.

අනුතාපී

පසුතැවෙන්නා.

අනුතිට්ඨති

(අනු+ඨා+අ) අනුව සිටියි ; එකඟව සිටියි.

අනුතීර

න. ඉවුරට ළං වූ පෙදෙස.

අනුතීරං

ක්‍රි.වි. අවුර අසළ; ඉවුරට අනුව.

අනුථෙර

පු. උපස්ථවිර.

අනුදහති

(අනු+දහ+අ) තවයි; දවයි.

අනුද්දයා

ඉ. කරුණාව.

අනුද්ධංසෙති

(අනු+ධංස+ණෙ) දුර්වල කරයි.

අනුද්ධට

3. නො ඉදරූ.

අනුද්ධත

3. උඩඟු නොවු; සන්සුන්.

අනුදිට්ඨ

3. නො කී; නො පෙන්වූ.

අනුදිසා

ඉ. සතර කොන්හි වු දිශාවෝ.

අනුධම්ම

පු. සුළු ශික්ෂාපද හා ප්‍රතිපත්ති.

අනුධාවති

(අනු+ධාවු+අ) පසුපස්සේ දුවයි.

අනුනය

පු. අනුකූල බව; මිත්‍රබව.

අනුනාසික

3. නාසය අනුව ශබ්ද කළයුතු; වර්ගාන්තාක්ෂර හා බින්දුව.

අනුනීත

3. පැමිණ වූ.