සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1040
ප්රථමාභිනීහාරය
[ප්‍රථම + අභිනීහාරය]
නා. බුදුබව පතන පුද්ගලයකු විසින් ඒ සඳහා මුලින් ම කරනු ලබන ප්‍රාර්ථනය.
ප්රථිත
1. වි. ප්‍රකට ; ප්‍රසිද්ධ ; පතළ.
2. පෙන්නුම් කළ ; දක්වන ලද ; නිරූපිත.
ප්රදක්ෂිණාපථය
1. නා. පුරාණයේ ස්ථූපයක් වටා පැදකුණු කිරීමට තනා තිබුණු මාර්ගය ; පේසා වළල්ල.
2. දාගැබ වටේ පිහිටි උස් කොට තැනූ වේදිකාව.
ප්රදක්ෂිණාව
1. නා. යම් තැනැත්තකූට නොහොත් තැනකට ගෞරව දැක්වීම වසයෙන් ඔහු හෝ එය දෙසට දකුණු අත තබා වටා යෑම.
2. අනුව යන ස්වභාවය ; අනුකූලත්වය ; අනුරූපතාව.
3. ගෞරවය ; සම්භාවනාව.
ප්‍රදර්ශක
වි. විදහා දක්වන ; ප්‍රදර්ශනය කරන.
නා.ප්‍ර. දක්වන්න ; විදහා පෙන්වන්න.
ප්‍රදර්ශකයා
නා. පෙන්වන්නා ; ප්‍රදර්ශනය කරන්නා ; විදහා දක්වන්නා.
ප්‍රදර්ශනය
1. නා. විදහා දැක්වීම ; පෙන්වාදීම ; දැකබලා ගැනීමට සැලසීම.
2. මහජන දර්ශනය සඳහා භාණ්ඩ ආදිය ඉදිරිපත් කිරීම ; සන්දර්ශනය.
3. නිදර්ශනය ; ආදර්ශය.
ප්‍රදර්ශය
නා. යම්කිසි වස්තුවක් හෝ ජීවියකු දැනට පවත්නා ස්වරූපය කරා පරිණාමය වීමට නොහොත් සකස්වීමට පෙර පැවැති අසංස්කෘත ආකෘතිය.
ප්රද්යුම්න
1. නා.ප්‍ර. අනංගයා ; කාමදේවයා.
2. වලාකුළ ; මේඝය ; අභ්රකූටය ; පර්ජන්‍ය.
ප්රද්යෝත
වි. බබළන ; දීප්තිමත් ; ආලෝක සම්පන්න.
ප්රද්යෝතය
නා. පහන ; දීපය ; ප්‍රදීපය.
ප්රදානය
1. නා. දීම ; දානය ; පරිත්‍යාගය.
2. යම් ආරාවුලක් විසඳීම පිණිස අධිකරණය මගින් පත් කර ඇති බේරුම්කරුගේ තීරණය.
3. කිසියම් ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා යෙදවිය යුතු ධනය, ද්‍රව්‍ය, බලශක්තිය ආදිය පිළිබඳ ප්‍රමාණය.
4. (කෙලෙසුන් නැසීම සඳහා දරන) අධික වීර්යය ; දැඩි උත්සාහය.
ප්රදායක
වි. දෙන්නා වූ ; ගෙනදෙන සුලු ; ප්රදානය කිරීම ස්වභාව කොට ඇති ; ත්‍යාගශීලි.
ප්රදායකයා
නා. දෙන්නා ; ප්රදානය කරන තැනැත්තා.
ප්‍රදාලනය
1. නා. පැළීම ; කැඩීම ; දෙදරවීම.
2. දුරු කිරීම ; නැති කිරීම ; විනාශ කිරීම.
ප්‍රදාහය
1. නා. ව්‍යාධිගත ප්‍රදේශයෙහි ඉදිමුම, රක්ත වර්ණය, උෂ්ණය සහ වේදනාව ලක්ෂණ කොට ඇති රෝග තත්ත්වයක්.
2. උෂ්ණය සහිත දැවිල්ල ; දාහය.
ප්‍රදීප අංගාර
නා.ප්‍ර. ලාම්පු දැලි ; පහන් දැලි.
ප්‍රදීප ජාලාව
නා. පහනේ තිරයෙන් නිකුත් වන ගිනි දැල්ල; පහන් දැල්ල ; පහන් සිළුව ; ප්රදීපශිඛාව.
ප්‍රදීප පූජාව
නා. පූජා වශයෙන් පහන් දැල්වීම ; දීප පූජාව ; පහන් පූජාව.
ප්‍රදීප වර්තිකාව
නා. පහන් තිරය ; පහන් වැටිය.
ප්‍රදීපනය
1. නා. දැල්වීම ; ඇවිළවීම ; ආලෝක කිරීම.
2. ආලෝකය සතු දීප්ති ප්‍රමාණය.
ප්රදීපමානය
නා. කිසියම් පෘෂ්ඨයකට වැටෙන ආලෝකයේ දීප්තිය හෙවත් ප්‍රදීපන තීව්‍රතාව මනින උපකරණය.
ප්‍රදීපය
නා. පහන ; පාන ; ලාම්පුව.
ප්‍රදීපස්තම්භය
නා. මුහුදේ යාත්‍රා කරන නැව්වලට අනතුරු ඇඟවීම සහ මග දැක්වීම සඳහා තනා ඇති ආලෝක ධාරා නිකුත් කරන උස් ටැඹ ; ප්‍රදීපාගාරය.