සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 130
අපරිපක්ව
1. වි. පරිපාකයට නොගිය; නොමේරු; නොවැඩුණු.
2. වි. නොදිරවූ; ජීර්ණ නොවූ; අජීර්ණ වූ.
අපරිපූර්ණ
වි. පරිපූර්ණ නොවූ; නොපිරිපුන්; අසම්පූර්ණ.
අපරිභූත
1. වි. නොඉක්මවූ; නොපැරයූ.
2. වි. පරිභව නොකරන ලද; නින්දාවට භාජන නොවූ; අනින්දිත.
අපරිභෝගය
නා. පරිහරණය නොකිරීම; භාවිතයට නොගැනීම.
අපරිමණ්ඩල
වි. හාත්පසින් වට නොවූ; පිරිමඬුලු නොවන.
අපරිමර්දිත
වි. නොමඬින ලද; පිරි නොමදින ලද.
අපරිමාණ
වි. ප්රමාණයක් හෝ මිනුමක් නැති; මිනිය නොහැකි; සීමා කළ නොහැකි.
අපරිමිත
1. වි. මිනිය නොහැකි; ප්රමාණ රහිත.
2. (පාරිභා.) වි. දිගින් හෝ ප්රමාණයෙන් හෝ සීමා කළ නොහැකි (=infinite).
අපරිමුක්ත
වි. නොමිදුණු; නිදහස් නොවූ.
අපරිමේය
1. වි. මිනිය නොහැකි; සීමා කළ නොහැකි; සීමා රහිත; අප්රමාණ.
2. (පාරිභා.) වි. පොදු මිම්මෙන් මිනිය නොහැකි; පොදු (පූර්ණ හෝ භාග හෝ) මානයක් නොමැති (=irrational).
අපරිරුද්ධ
වි. අවහිර නොවූ; බාධා නොවූ.
අපරිවර්තන
වි. පෙරළිය නොහැකි; වෙනස් නොවන.
අපරිවර්තී ගෝලය
(පාරිභා.) නා. (වායු ගෝලයෙහි) පරිවර්තී ගෝලයට උඩින් තිබෙන වායු ගෝලීය ස්තරය (=stratosphere).
අපරිව්යක්ත
වි. මනා ව පැහැදිලි නොවූ; හොඳින් ප්රකට නොවූ.
අපරිශුද්ධ
වි. අපිරිසිදු; අපවිත්ර; අශුද්ධ.
අපරිශේෂ
වි. ඉතිරි නොවන; සියල්ල ඇතුළත්.
අපරිසංකිත
වි. සැක නොකරන ලද.
අපරිසඞ්ඛ්යේය
වි. ගණන් කළ නොහැකි; අපරිමාණ; අපරිමිත.
අපරිසමාප්ත
වි. අවසන් නොකළ; සම්පූර්ණ නොකළ; නිමාවට නොපැමිණි.
අපරිස්පන්දනය
නා. නොසෙල්වීම; කම්පා නොවීම; චලනය නොවීම.
අපරිහානිය
නා. නොපිරිහීම; අඩු නොවීම.
අපරිහානීය
වි. හීන භාවයට නොපමුණුවන; අභිවෘද්ධිකර.
අපරිහාර්ය
වි. නොවැළැක්විය හැකි; අනිවාර්ය.
අපරිහීණ
වි. කඩ නොකරන ලද; අචිච්ඡින්න; නොපිරිහුණු.