සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 238
ඇක්සලරේටරය
නා. මෝටර් රථයක එන්ජිමේ වේගය අඩු වැඩි කිරීම සඳහා ක්‍රියා කරවන උපකරණය.
ඇකියුම්ලේටරය
(පාරිභා.) නා. විද්‍යුත් ශක්තිය ගබඩා කළ හැකි රසායනික කෝෂයක නාමය (=accumulator).
ඇකිලිය
නා. දම්වැල; අතේ දමන මාංචුව; හැකිල්ල.
ඇකී මැකී යනවා
(කථා.) ක්‍රි. ක්‍රමයෙන් නැතිව යනවා; සම්පූර්ණයෙන් විනාශ වී යනවා.
ඇකෝඩියන්
නා.ප්‍ර. අපරදිග ශූෂිර වාද්‍ය භාණ්ඩයක නාමය; මෙලෝඩියන්.
ඇගයීම
නා. වටිනාකම මැනීම; අගය කිරීම.
ඇගළිය
නා. වතුර බැස යන ඇළිය; කානුව.
ඇග්ලුටිනින්
(පාරිභා.) නා.ප්‍ර. ලේ කැටි ගැසීම සිදු කරන ද්‍රව්‍ය දෙකෙන් එකක්; ප්ලාස්මයේ ඇති ප්‍රතිදේහය (=agglutinin).
ඇග්ලුටිනෝජන්
(පාරිභා.) නා.ප්‍ර. ඇග්ලුටින් සෑදීම උත්තේජනය කර ඒ හා සංයෝග වන බැක්ටීරියා හා රුධිර සෛලවල ඇති ද්‍රවයක් (=agglutinogen).
ඇගෑය
1. නා. උස් වූ තොරණ විශේෂයක්; පුද පිණිස බැඳි තොරණ.
2. නා. මලින් පහනින් කළ සැරසිල්ල; පහන් ගස.
ඇගි
1. වි. අගනා; වටිනා; අගය ඇති; අගය කළ හැකි.
2. වි. ප්‍රධාන; ප්රමුඛ.
ඇගිටි
නා.ප්‍ර. අඩක් බොල් වූ වී හෙවත් ඒ වීවලින් ගන්නා හාල්; සුන්සාල්.
ඇඟ
1. නා. කය; සිරුර; ශරීරය.
2. නා. අංගය; ප්‍රභේදය; අවයවය.
3. (කථා.) නා. රහසඟ; ලිඟුව.
ඇඟ කිලිපොළනවා
ක්‍රි. (භය, ත්‍රාසය, පිළිකුල ආදි හැඟීම් ඇති වන විට හෝ ශීතල ස්පර්ශය නිසා හෝ) ශරීරය සලිත වෙනවා හෝ පොපියනවා; රෝමෝද්ගමනය වෙනවා.
ඇඟ බැඳීම
(පාරිභා.) නා. උසාවියක් මගින් දඬුවමක් වශයෙන් කෙනෙකු නෛතික බැඳීමකට යටත් කිරීම; කොන්දේසි පනවා සැකකරුවකු තාවකාලික ව නිදහස් කිරීම (=binding over).
ඇඟ මැළි කැඩීම
නා. අත් පා දිග හැරීම ආදියෙන් අලස බව පහ කිරීම හෝ කම්මැළි බව පෙන්වීම.
ඇඟ රත් වෙනවා
1. (කථා.) ක්‍රි. උණ ගන්නවා.
2. (කථා.) ක්‍රි. ක්ෂණික බියකට මුහුණ දෙනවා.
ඇඟ ලනවා
ක්‍රි. (ඇඳුමක්) අඳිනවා.
ඇඟ හිරි වැටෙනවා
1. ක්‍රි. භය, ත්‍රාසය, ශීතාදිය නිසා ශරිරය කිලි පොළා යනවා.
2. ක්‍රි. ශරීරාවයවයන්හි සංවේදී බව නැති වී යනවා.
ඇඟට එනවා
1. (කථා.) ක්‍රි. එරෙහි ව එනවා; රණ්ඩුවට සැරසෙනවා.
2. (කථා.) ක්‍රි. පසු පස්සෙන් එනවා; (යමකු වෙත) අනවශ්‍ය සැලකිල්ලක් දක්වනවා.
ඇඟට ගන්නවා
(කථා.) ක්‍රි. බලවත් උනන්දුවෙන් භාර ගන්නවා; කරට ගන්නවා.
ඇඟපත
නා. මුළු ඇඟ; සියලු ශරීරය; සර්වාංගය.
ඇඟබද්ද
නා. බ්‍රිතාන්‍ය පාලන සමයේ දී මෙරට පිරිමින්ගෙන් අය කළ වාර්ෂික බද්දක්.
ඇඟය
(කථා.) නා. එකට ඈඳූ මී හරක් හෝ එළ හරක් තුන් දෙනා.