සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 315
උද්භිද ලෝකය
නා. වෘක්ෂලතාදි ගණයට අයත් සජීව වස්තූ සමූහය; ගස්වැල් ආදි පැළෑටි පිළිබඳ ලෝකය.
උද්භිද විද්‍යාව
නා. වෘක්ෂලතාදි ගණයට අයත් ජීව වස්තු පිළිබඳ අධ්‍යයනය; ගස්වැල් ආදි ශාක පිළිබඳ ඉගැන්වීම කරන විද්‍යාංශය.
උද්භින්න
වි. විවෘත වූ; විකසිත වූ; දර්ශනය වූ; ප්‍රකාශයට පැමිණි; මතු වූ.
උද්භූත
වි. පැනනැඟි; පහළ වූ; උද්ගත වූ; ජනිත වූ; ප්‍රභව වූ.
උද්භූතිය
නා. පහළ වීම; හටගැනීම; පැන නැඟීම.
උද්භේදනය
නා. පැළවීම; ඉකිරි ඇදීම.
උද්භේදය
1. නා. ක්‍රමයෙන් වැඩීම හෝ සකස් වීම; විකාශය; පරිණාමය; ප්රාදුර්භාවය.
2. නා. පැළීම හෝ පිපිරීම.
3. (පාරිභා.) නා. හමෙහි පලු නැඟීම (=eruption).
උද්වර්ත
නා.ප්‍ර. අධිකභාවය.
උද්වර්තනය
1. නා. ඉහළට යෑම; නැඟීම.
2. නා. ඇඟ ඉළීම; මැඩීම; මිරිකීම; සම්බාහනය.
3. නා. ඇඟ ආලේප කිරීම; අභ්‍යංගය.
උද්වර්ධනය
නා. ඉහළට වැඩීම.
උද්වහනය
1. නා. ඉසිලීම; දැරීම.
2. නා. ගෙන ඒම; පැතිරීම; විහිදීම.
3. නා. වැඩීම; ඇති වීම.
උද්වාහය
1. නා. ඉසිලීම; දැරීම.
2. නා. විවාහය.
උද්විග්න
1. වි. බියෙන් සැලුණු; සිත් කැලඹුණු; තැති ගත්.
2. වි. නොසතුටු වූ; කලකිරුණු.
උද්වෘත්ත
1. වි. එසවූ; උඩට හැරුණු; විවෘත.
2. වි. කැලඹුණු; ඇවිස්සුණු.
3. වි. නරක පැවතුම් ඇති.
උද්වේග ප්‍රීතිය
නා. ශරීරය අහසට නැංවීමට තරම් බලවත් වූ ප්‍රීතිය; පස්වැදෑරුම් ප්‍රීතියෙන් එකක්.
උද්වේගය
1. නා. බියෙන් ඇලළීම; කම්පනය; ත්‍රාසය.
2. නා.කලකිරීම; සිත්තැවුල; චිත්ත වේදනාව.
3. නා. බලවත් හැඟීම; උත්කෘෂ්ට ආශාව.
4. නා. ඉහළ නැඟීම; ඉමහත් ප්‍රමෝදය; ප්‍රහර්ෂය.
උද්යත
වි. ඔසවන ලද; නඟන ලද; පැලඹුණු; සූදානම් වූ.
උද්යමය
නා. උත්සාහය; මහන්සි ගැනීම; වෙර වැඩීම; වෑයම.
උද්‍යාන පාලයා
නා. උයනක් බලා ගන්නා; උයන්පල්ලා; උයන්ගොව්වා; උද්‍යාන පාලකයා.
උද්‍යානය
නා. තුරුලිය, මල්ගොමු, ජලාශ ආදියෙන් ශෝභමාන වූ භූමිභාගය; උයන; මල්වත්ත.
උද්‍යුක්ත
වි. උද්යෝගයෙන් ක්‍රියා කරන; උනන්දු වූ; උත්සාහවත්.
උද්යෝග පාඨය
නා. සිත උනන්දු කරවන කියමන; අපේක්ෂිත පරමාර්ථය කෙරෙහි සිත මෙහෙයවීමට හා දිරි ගැනීමට නිතර නිතර කියන පාඨය; යුද්ධයක දී හෝ තරගයක දී කියන සටන් පාඨය.
උද්යෝගකාරී
වි. උද්යෝග කරවන; උත්සාහ දනවනසුලු.
උද්යෝගය
නා. බලවත් උනන්දුව; දැඩි උත්සාහය.