සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 532
කෝඳුරුවා
නා. පියාසර කළ හැකි ඉතා කුඩා කෘමි විශේෂයක්.
කෝපන
වි. කුපිත කරන; කෝපයෙන් අවුස්සන.
කෝපනය
නා. කුපිත වීම; පටහැනි වීම; බාධාව.
කෝපය
1. නා. අමනාපය; කිපීම; කේන්තිය; රෝෂය; ක්‍රෝධය.
2. නා. ශරීරයේ ඇති තුන්දොස් ඇවිස්සීම; තුන්දොස්වල සමතුලනය නැති වීම.
කෝපර පෙට්ටිය
(කථා.) නා. රන්රිදී හා මුදල් වැනි අගනා දෑ ආරක්ෂිත ව තැන්පත් කරන පෙට්ටිය.
කෝප්පය
නා. පානීය වර්ග බීම සඳහා භාවිත කරන කුඩා භාජන විශේෂය; කුසලාන.
කෝප්පුව
නා. විහිළුව; කවටකම; සරදම; කොලොප්පම.
කෝප්‍ය
1. වි. කැලඹිය හැකි; කම්ප්‍ය.
2. වි. කෝප වන සුලු; කුපිත වන්නා වූ.
කෝප්යය
නා. කඩ කිරීම; උල්ලඞ්ඝනය.
කෝපාවිෂ්ට
[කෝප + ආවිෂ්ට]
වි. කෝපයෙන් ආවේශ වූ; කෝපයෙන් ඇවිස්සුණු.
කෝපි
නා.ප්‍ර. කෝපි ඇට බැද සකස් කරගන්නා කුඩුවලින් පිළියෙල කර ගන්නා පානය.
කෝපිත
වි. කෝපයට පත්; කිපුණු; කෝපාවිෂ්ට.
කෝපීනය
නා. රහසඟ; යෝනිය.
කෝබෝල්ට්
නා.ප්‍ර. රිදීපාට නිකල්වලට බොහෝ දුරට සමාන වන නමුත් ඊට වඩා තද කාන්දම් ගතිය ඇති ලෝහමය මූල ද්‍රව්‍යයක්.
කෝමය
(පාරිභා.) නා. භූගත මාංසල කඳක් ඇති හබරල, සුදුඅල ආදිය අයත් වන ශාක විශේෂය(=corm).
කෝමල
වි. මොළොක්; මෘදු; සිනිඳු; සියුමැලි.
1. නා.ප්‍ර. ශුද්ධ ස්වරය අඩක් අඩු වීමෙන් ලැබෙන වඩා මොළොක් ස්වරය.
2. නා.ප්‍ර. පසළොස් ආකාර ශබ්ද ගුණවලින් එකක්.
කෝම්බය
1. නා. ඇස්ස කපා දිය හා මද ඉවත් කරගනු ලැබූ කුරුම්බා ගෙඩිය.
2. නා. කුහරය.
3. නා. හිස් පොල් කටුවෙන් තනා ගත් ඔඩම.
කෝමා
1. නා.ප්‍ර. අධිමූර්ජාව; අසාමාන්‍ය තද නින්ද; විසංඥ නිද්‍රාව.
2. නා.ප්‍ර. වල්ගා තරුවක න්‍යෂ්ටිය සිසාරා ඇති රැස් දහර.
කෝමාර
වි. කුමාර භාවය පිළිබඳ; ළදරු බව පිළිබඳ.
කෝමාර බ්‍රහ්මචර්යාව
නා. විවාහ වනතුරු තරුණයකු හෝ තරුණියක මෛථුන සේවනයෙන් වැළකී සිටීමෙන් රකින ශීලය; කුමර බඹසර; කුමරි බඹසර.
කෝමාරික
වි. කන්‍යාභාවයෙන් යුක්ත කුමරි; බ්‍රහ්මචර්යාව කඩ නොකළ.
නා.ප්‍ර. ඖෂධ පැළෑටි විශේෂයක්.
කෝර හැළිය
නා. පැණි රැස් කොට තැබීම සඳහා භාවිත කරන මැටි භාජනය.
කෝරක
1. නා. මඳක් පිපුණු මල් කැකුල; මල් මොට්ටුව.
2. නා.ප්‍ර. නෙළුම් අල.
3. නා.ප්‍ර. සුවඳ ද්‍රව්‍යයක්; තකුල්.
කෝරජ
නා.ප්‍ර. බොරු සිල්වත්බව; ව්‍යාජ ශීලය; කුහකකම.