සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 152
අමත්
නා.ප්‍ර. භෝජන පාත්‍රය.
වි. මත් නොවූ.
අමත්තුව
1. නා. වරින්වර පැවතීම; අස්ථිර ආකාරය; නැවතීම; මැඩ පැවැත්වීම.
2. නා. තර්ජනය.
අමද
1. වි. අඩු නැති; බොහෝ වූ; අමන්ද.
2. වි. මාන රහිත; අහංකාර නැති.
1. නා.ප්‍ර. සතුට; ආනන්දය.
2. නා.ප්‍ර. සුගන්ධය.
අමද්‍ය
වි. මත් නොකරවන; මද්‍යසාර නැති.
අමද්‍යප
වි. මත්පැන් නොබොන; මද්‍යපානයෙන් වැළකුණු.
අමදිනවා
ක්‍රි. කොසු, මුසුන් ආදියෙන් බිම පිස දමනවා; අතුගානවා.
අමන
1. වි. ලැජ්ජා නැති; අශික්ෂිත;අශීලාචාර.
2. වි. බුද්ධිය නැති; මෝඩ; අනුවණ; අඥාන.
අමනයා
1. නා. ලජ්ජා නැති තැනැත්තා; අශීලාචාර පුද්ගලයා.
2. නා. මෝඩයා; අනුවණයා.
අමනවා
1. ක්‍රි. (සුළඟ සේ) ඉදිරියට යනවා; ගමන් කරනවා.
2. ක්‍රි. හමනවා; ගඳ සුවඳ වහනය වෙනවා; පැතිරෙනවා.
අමනසිකාරය
නා. නොසිතීම; මෙනෙහි නොකිරීම.
අමන්ද
වි. මඳ නොවන; ස්වල්ප නොවන; බොහෝ වූ.
අමන්දනවා
(කථා.) ක්‍රි. ගානවා; අතුල්ලනවා.
අමන්දානන්දය
අමන්දු
නා.ප්‍ර. ශමනය; සංසිඳීම.
අමනාපය
නා. නොකැමැත්ත; අසතුට; අසන්තෝෂය.
අමනුෂ්‍ය
වි. මනුෂ්‍ය නොවූ; යක්ෂ, රාක්ෂ, ප්‍රේතාදි වූ.
නා.ප්‍ර. මනුෂ්‍ය නොවූ තැනැත්තා.
අමනුෂ්‍ය පථය
නා. මනුෂ්‍ය වාසයක් නොවූ ප්‍රදේශය.
අමනුෂ්යෝපද්රවය
[අමනුෂ්‍ය + උපද්‍රවය]
නා. යක්ෂ, භූත, ප්‍රේතාදි අමනුෂ්‍යයන්ගෙන් වන පීඩාව.
අමනෝඥ
වි. සිත් නොගන්නා; මනහර නොවන; අසුන්දර.
අමපා
නා.ප්‍ර. දෙවියා.
අමයුරු
අමර
වි. නොමැරෙන; අමරණීය.
1. නා.ප්‍ර. නොමැරෙන තැනැත්තා; දෙවියා.
2. නා.ප්‍ර. තිස්තුන.
3. නා.ප්‍ර. නේත්රරෝගයක්; අර්මය.
අමර ගඟ
නා. අහස්ගඟ; සුරගඟ.
අමර දෙන
නා. සුරභිධේනුව; කාමධේනුව.