සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 284
ඉහල්ඔරු
නා.ප්‍ර. මී වදයේ පැණි පිරුණු සිදුරු.
ඉහලෝකය
නා. මේ ලොව; වර්තමාන භවය.
ඉහවහා යනවා
ක්‍රි. ඉතා බහුල ව පවතිනවා; අධික ව තිබෙනවා.
ඉහළ
1. වි. උඩින් පිහිටි; උඩ.
2. වි. උසස්; ඉස්තරම්.
නා.ප්‍ර. උඩ; උස්බිම; උස් තැන; ඉස්මත්ත.
ඉහළ උසාවිය
නා. උසස් ශ්‍රේණියකට අයිති උසාවිය; මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය ආදි ඉහළ තත්ත්වයට අයත් උසාවි.
ඉහාත්මය
නා. මේ ජීවිතය; මේ භවය.
ඉහි
1. නා.ප්‍ර. හිස; ශීර්ෂය.
2. නා.ප්‍ර. ප්‍රමාදය; අත්හිටවීම.
3. නා.ප්‍ර. ඉස්සා.
ක්‍රි.වි. වහා; ඉක්මනට.
1. අව්‍ය. මෙහි; මේ ස්ථානයෙහි.
2. අව්‍ය. එහි; ඒ ස්ථානයෙහි.
3. අව්‍ය. හා; සමග; එක්ව.
ඉහි(සි)නවා
1. ක්‍රි. විසුරුවනවා.
2. ක්‍රි. ළිං පොකුණු ආදියෙහි ජලය ඉවත් කරනවා.
ඉහිදැල
1. නා. ඉස්සන් අල්ලන දැල.
2. නා. නූල් දුරස් ව සිටින සේ වියන ලද රෙද්ද; ඉහිදැල් රෙද්ද.
ඉහින් කනින්
1. ක්‍රි.වි. හිසටත් කනටත් උඩින් යන තරමට; සම්පූර්ණයෙන්; මුළුමනින් ම.
2. ක්‍රි.වි. ඕනෑවට වඩා; බහුලව.
ඉහිරෙනවා
1. ක්‍රි. විසිරෙනවා; විහිදෙනවා; පැතිරෙනවා; අහකට වැටෙනවා; පිටතට වැගිරෙනවා.
2. ක්‍රි. කොළපුවක් තුළ හෝ කැකුළක් වශයෙන් හෝ පැවතුණු මලක් එයින් බැහැර ව පිපී විහිදෙනවා.
ඉහිලස
නා. බුරුල් බව; නොතදබව; ඉහිලැස.
වි. බුරුල්; ලිහිල් වූ.
ඉහිල්
වි. බුරුල්; ලිහිල්; ශිථිල වූ; මෘදු; මොළොක්.
1. නා.ප්‍ර. සීතල.
2. නා.ප්‍ර. උන්සිල්ලාව. ස්නේහය; ආලය.
4. නා.ප්‍ර. රති කෙළිය.
ඉළ
1. නා.ප්‍ර. (විශේෂයෙන් අශ්වයන්ගේ) කෙඳි.
2. නා.ප්‍ර. ලිය මඬුල්ල; අරඹ.
3. නා.ප්‍ර. සමූහය; රාශිය.
ඉළන්දාරියා
නා. තරුණයා; යෞවනයා.
ඉළවු
වි. මරණයක් හෝ අවමංගල්‍යයක් හෝ පිළිබඳ; කරදර ඇති; හිරිහැර සහිත.
ඉළවු බත
නා. මළ මිනියක් වළලා හෝ ආදාහන කොට හෝ ආපසු ඉළවු ගෙදරට පැමිණෙන ඥාතිමිත්රාදින්ට දෙන බත; මළබත.
ඉළවුව
1. නා. මරණය; අවමංගල්‍යය.
2. නා. කරදර - හිරිහැර ගෙන දෙන දෙය.
ඉළු
1. නා.ප්‍ර. වනය; අරඹ.
2. නා.ප්‍ර. සමූහය.
3. නා.ප්‍ර. තරුව.
4. නා.ප්‍ර. මුව විශේෂයක්.
ඉළුක්කෝලය
1. නා. හෙල්ල; තෝමරය.
2. නා. කුඩා කඩුව; සිරිය.
ඊ
‘ඉ’ යන්නෙහි දීර්ඝ රූපය; සිංහල හෝඩියේ සවැනි අකුර හෙවත් ස්වරය.
1. නා.ප්‍ර. ඊය.
2. නා.ප්‍ර. නඟුල් දත.
සර්ව. එය; ඒක.
ඊ වඩුවා
1. නා. ඊතල සාදන්නා.
2. නා. ලාක්ෂා ශිල්පියා.
ඊ විට
නා. නඟුල ඇද්දවීමෙන් සෑදෙන පාර; නඟුල් පාර; හීවිට.
ඊ සැරේට
(කථා.) ක්‍රි.වි. ඊතලයක වේගයෙන්; ඉතා වේගයෙන්.