සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 616
ගෝස්තරය
නා. ජිවිකා වෘත්තිය.
ගෝහාලය
නා. දඬු මැස්ස.
ගෞණ
වි. අප්‍රධාන; වැදගත් නොවූ.
ගෞර
නා.ප්‍ර. සුදුපාට; එළපැහැය; ලා කහ හෝ ළා රතු; අරුණු පැහැය.
ගෞරවය
1. නා. ගුරුත්වය; බරබව.
2. නා. ගරු සැලකිල්ල; හරසර; බුහුමන.
3. නා. කීර්තිය; නම්බුව; හොඳනම.
ගෞරවාදරය
[ගෞරව + ආදර]
නා. ගෞරවය සහිත වූ ආදරය; ගෞරව සම්ප්‍රයුක්ත ආදරය.
ගෞරවාන්විත
[ගෞරව + අන්විත]
වි. ගෞරව සහිත; ගෞරවයෙන් යුත්.
ගෞරවාර්හ
[ගෞරව + අර්හ]
වි. ගෞරවයට සුදුසු වූ; ගරු කටයුතු.
ගෞරවාස්පද
[ගෞරව + ආස්පද]
වි. ගෞරවය ලැබීමට ආධාර වන; ගෞරවයට හේතුවන.
ගෞරවෝපාධිය
[ගෞරව + උපාධිය]
නා. ගරු කිරීම සඳහා පිරිනමනු ලබන උපාධිය; ගෞරවය පිණිස යෙදෙන (උපාධි) නාමය; විරුද නම; ගෞරවාභිදානය.
ගෞරිකේශ
නා.ප්‍ර. මිනිරන්.
ගෞරී
1. නා.ප්‍ර. ඊශ්වර භායාව; පාර්වතී.
2. නා.ප්‍ර. එළලු ස්ත්‍රිය.
3. නා.ප්‍ර. අට හැවිරිදි කන්‍යාව.
ඝ
'ක' වර්ගයේ සිවුවැනි අකුර මිශ්‍ර සිංහල හෝඩියේ විසිහතර වැනි අකුර; හතර වැනි ව්‍යඤ්ජනාක්ෂරය; මහාප්‍රාණ ඝෝෂාක්ෂරයකි.
ඝංසනය
නා. ඇතිල්ලීම; මැදීම; ඉළීම.
ඝටකය
නා. (යමක් සෑදී ඇති) කොටස; අවයවය; භාගය; අංශය.
ඝටකෘත්යය
නා. පැන් වත් කිරීම; දිය නැමීම.
ඝටච්ඡිද්රය
නා. කළයෙහි සිදුර.
ඝටචේටිකාව
නා. කළයෙන් දිය ඇදීමේ මෙහෙයෙහි යෙදෙන මෙහෙකාරිය; කළමිඩිය.
ඝටන
1. වි. ගටන්නා වු; තළන්නා වූ; මිටි, කුළුගෙඩි ආදියෙන් පහර දෙන්නා වූ.
2. වි. වචනයෙන් පහර දෙන; සිත් රිදවන; සිත් වේදනා ගෙන දෙන.
3. වි. ගළපන්නා වූ; සම්බන්ධ කරන්නා වූ.
ඝටනය
1. නා. ස්පර්ශ වීම; ඇතිල්ලීම.
2. නා. නිරතුරු යෙදීම; ව්‍යායාමය.
3. නා. සම්බන්ධය; ගැළපුම; සන්ධි බන්ධනය.
ඝටනවා
1. ක්‍රි. සම්බන්ධ කරනවා; ගළපනවා.
2. ක්‍රි. පිළිවෙළින් බැඳී සිටිනවා; නොකඩවා පවතිනවා.
3. ක්‍රි. ගැටෙන්ට සලස්වනවා.
4. ක්‍රි. උළනවා; අතුල්ලනවා.
5. ක්‍රි. තළනවා; පෙළනවා; රිදවනවා.
ඝටනාව
1. නා. ගැළපීම; පෑස්සීම; සන්ධානය.
2. නා. ප්‍රබන්ධය; රචනය; නිබන්ධනය.
3. නා. එකට හැපීම; ගැටීම.
4. නා. වෑයම; උත්සාහය; ප්රයත්නය.
ඝටය
1. නා. කළය; කුම්භය.
2. නා. මිනුම් ප්‍රමාණයක්; ද්‍රෝණය.
3. නා. මන්දිර ස්තම්භවල පහත කොටසක්.
4. නා. සමින් වැසූ මුඛය ඇති වාද්‍ය භාණ්ඩය.
5. නා. ඇත් කුඹ.
ඝට්ටනය
නා. එකිනෙක හැපීම; ගැටීම; ස්පර්ශ වීම.