සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 678
ජීවන වෘත්තිය
නා. ජීවත්වීම සඳහා කරන රැකියාව; ජීවනෝපාය.
ජීවන සටන
නා. ජීවත්වීම සඳහා දරන ප්රයත්නය.
ජීවන ස්මරණය
නා. ජීවිතය පිළිබඳ විග්‍රහය හා විස්තරය.
ජීවන හුස්ම
නා. ප්‍රාණ වායුව.
ජීවනය
1. නා.ප්‍ර. ජීවත් වීම; ජීවත් කිරීම; ජීවිකාව.
2. නා.ප්‍ර. සියලු ඉඳුරන් එක් ව පවත්වන ක්‍රියාකාරිත්වය.
ජීවනාධාරය
නා. ජීවත් වීමට ආධාර වශයෙන් දෙනු ලබන මුදල; මුදලෙහි වටිනාකම හීන වූ විට වැටුප් ලබන්නන්ට ගෙවන අතිරේක දීමනාව.
ජීවනාමෘතය
[ජීවන + අමෘතය]
1. නා. ප්‍රාණ ශක්තිය දෙන දෙය.
2. නා. දෙවියන්ගේ සුධාභෝජනය.
ජීවනෝපකරණ
[ජීවන + උපකරණ]
නා.ප්‍ර. ජීවත් වීමට උපකාර වන දෙය; දිවි පැවැත්මට අවශ්‍ය උපකරණ.
ජීවනෝපාය
[ජීවන + උපාය]
නා.ප්‍ර. ජීවත් වීමට යොදා ගන්නා ක්‍රමය; රැකියාව; වෘත්තිය.
ජීවම
1. නා. මන්ත්‍රයක් නියමිත වාර ගණනක් ජප කිරීම; මැතිරීම.
2. නා. හූනියම.
ජීවමාන
වි. ජීවය ඇත්තා වූ; ජීවත් ව සිටින.
ජීවමිතිය
(පාරිභා.) නා. ජීව විද්‍යා ගැටලුවලට යොදන සංඛ්‍යාන ක්‍රමය(=biometry).
ජීවය
1. නා. ශාකයක් හෝ සත්ත්වයකු නොමැරී පැවැත්ම; පණ; ජීවිතය.
2. නා. ආත්ම භාවය; ආත්මය.
ජීවයා
නා. ජීවත් වන්නා; ප්‍රාණියා.
ජීවරසය
(පාරිභා.) නා. සත්ත්ව හා වෘක්ෂලතා ජීවිතයට මූලාධාර වන අර්ධ-ද්‍රව ධාතු විශේෂයක්; ප්රාක්ප්ලාස්මාව(=biochemist).
ජීවරසායන විද්‍යාව
(පාරිභා.) නා. සජීවී සත්ත්ව හා ශාක ද්‍රව්‍යවල ජීවධාතු විපරිණාමය දක්වන විද්‍යාව (=biochemistry).
ජීවර්තු විද්‍යාව
[ජීව + ඍතු විද්‍යාව]
නා. ස්වභාවික සිද්ධි සිදුවීම් සිදුවන කාල පරිච්ඡේද සම්බන්ධ කොට හැදෑරීමේ විද්‍යාව.
ජීවරුධිරය
නා. ජීවිතය පවත්වන ලෙස; සජීවී රුධිරය.
ජීවලෝකය
නා. ජීවත්වන සත්ත්ව සමූහය; ජීවීන්ගේ ලොව; සත්ත්ව ලෝකය.
ජීවවිද්‍යාඥයා
නා. සත්ත්වයන් හා ශාක පිළිබඳ ශාස්ත්‍රය හදාරන විශේෂඥයා.
ජීවවිද්‍යාව
නා. භෞතික ජීවිතය පිළිබඳ විද්‍යාව; සතුන් හා ශාක සම්බන්ධ ශාස්ත්‍රය.
ජීවවේගය
1. නා. සජීවී බව; ප්‍රාණවත් බව.
2. නා. (යමක) වැදගත්ම කොටස; සාරය.
ජීවශූලය
නා. වැරදිකරුවන්ට දඬුවම් දීම පිණිස පණපිටින් හිඳුවන උල; උල සිටුවීමට ගන්නා කූර.
ජීවස්වරූපය
(පාරිභා.) නා. සැබවින් පවතින ස්වරූපය; ද්‍රව්‍ය ස්වරූපයට පැමිණි රූපය; ඇති තතු හෝ සිදුවිය හැක්ක පිළිබඳ ප්රත්යක්ෂ අවබෝධය (=entelechy).