අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 190

පරිධිය

නා. වෘත්තයක මධ්‍ය ලක්ෂ්‍යයේ සිට සම දුරින් පිහිටි ලක්ෂ්‍ය සමූහය/ රෝදයක පට්ටම (සං. පරිධි)

පරිනිර්වාණය

නා. පිරිනිවන් පැම (සං. පරිනිර්වාණ)

පරිපථය

නා. විද්‍යුත් ධාරාවක් ගමන් කරන මාර්ගය; විදුලිය මග

පරිපාකය

නා. මුහුකුරා යෑම; මේරීම (පා. සං. පරිපාක)

පරිපාටිය

නා. පිළිවෙල; ක්‍රමය (සං. පරිපාටි)

පරිපාලනය

නා. පවත්වාගෙන යෑම/ ආණ්ඩු කිරීම (සං. පරිපාලන)

පරිපූරක ඇස්තමේන්තුව

නා. ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුවක අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා දෙවනුව ඉදිරිපත් කරන වියහියදම් ලේඛනය

පරිපූරණය

නා. අඩුව සම්පූර්ණ කිරීම (පා. සං. පරිපූරණ)

පරිපූර්ණ

වි. සම්පූර්ණ වූ (සං. පරිපූර්ණ)

පරිපෝෂණය

නා. ඇති දැඩි කිරීම; මැනවින් පෝෂණය කිරීම (සං. පරිපොෂණ)

පරිබ්‍රාජකයා

නා. බුදුසසුනෙන් බැහැර, ගිහිගෙය හැර පැවිදි ව තවුස් දිවියක් ගෙවන්නා; පිරිවැජියා (සං. පරිබ්‍රාජක)

පරිබාහිර

වි. බැහැර වූ; පිටස්තර (පා. පරිබාහිර)

පරිභණ්ඩ

නා.ප්‍ර. හාත්පසින් උපකාර වූව; අවට තිබෙන දෙය/ ආලේපය; බදාම ගෑම (පා. පරිභණ්ඩ)

පරිභවය

නා. නින්දාව; අපහාසය; අවමානය (පා. සං. පරිභව)

පරිභ්‍රමණය

නා. වටා යෑම/ චලනය (සං. පරිභ්‍රමණ)

පරිභාවිත

වි. පුරුදු කළ; පුහුණු කරන ලද (පා. සං. පරිභාවිත)

පරිභාෂණය

නා. අවමානය; අපහාසය/ නියමය; සූත්‍රය (සං. පරිභාෂණ)

පරිභෝගය

නා. භුක්ති විඳීම/ ප්‍රයෝජනයට ගන්නා දෙය (පා. පරිභොග)

පරිභෝජනය

නා. ප්‍රයෝජනයට ගැනීම; භුක්ති විඳීම

පරිමර්දනය

නා. පිරිමැදීම; මිරිකීම/ පෑගීම; මැඬීම (සං. පරිමර්දන)

පරිමර්ශනය

නා. ඇතිල්ලීම; තැවරීම (සං. පරිමර්ශ)

පරිමාණය

නා. ප්‍රමාණය; සීමාව/ ක්‍රමාංකිත ගණිත මිම්මක් (පා. සං. පරිමාණ)

පරිමිතිය

නා. වටප්‍රමාණය; පරිධිය (සං. පරිමිති)

පරිරෝධය

නා. බාධාව; අවහිරය (සං. පරිරොධ)