සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 564
ගර්විත
වි. සාඩම්බර; උඩඟු; අහංකාර; මාන්නක්කාර.
ගර්විෂ්ඨ
වි. අධික ආඩම්බරයකින් යුතු; මහත්සේ අභිමානවත්; අතිශයින් ගර්විත වූ.
ගර්වෝද්ධත
වි. ආඩම්බරයෙන් ඉහ වැහී ගිය; ගර්වයෙන් පිම්බුණු.
ගර්හණය
නා. නින්දා කිරීම; අපහාස කිරීම; ගැරහීම.
ගර්හාව
නා. නින්දාව; ගැරහීම.
ගර්හිත
1. වි. අවමානයට භාජන වූ; ගර්හාවට පාත්රවූ; නින්දිත.
2. වි. තත්වයෙන් පහත්; ප්‍රයෝජනයට ගත නොහැකි; භාවිතයෙන් ඉවත් කළ.
ගර්හිතවිද්යා
නා.ප්‍ර. භික්ෂූන් විසින් නූගත යුතු; නොඉගැන්විය යුතු ලෙසින් දැක්වෙන (කාව්‍ය නාටකාදි) ශාස්ත්‍ර
ගර්හිතාචාර
නා.ප්‍ර. නින්දා කටයුතු හැසිරීම; විෂමාචාර.
ගරා ගන්නවා
ක්‍රි. (රූඪි.) (මුදල් හා ලාභ ප්‍රයෝජන ආදිය) උපායෙන් ලබා ගන්නවා; අනියම් ක්‍රමවලින් ලාභ උපයාගන්නවා; කඩා වඩා ගන්නවා.
ගරා වැටෙනවා
ක්‍රි. (ගොඩනැගිලි ආදි ඉදිකිරීම්) ජරාපත් වී කඩා හැලෙනවා; දිරාපත් වෙනවා; ජරාජීර්ණ වෙනවා.
ගරාජය
1. නා. මෝටර් වාහන ගාල් කොට තබනු ලබන ස්ථානය.
2. නා. මෝටර් වාහන අලුත්වැඩියා කරන වැඩපොළ.
ගරාදි වැට
නා. ගරාදිවලින් නිමවූ වැට.
ගරාදිය
1. නා. ගොඩනැගිලි ආදියේ වැටවල සිරස්ව සිටින සේ සවි කරන පටිය හෝ කණුව.
2. නා. රෝදයක නාභියේ සිට නේමියට සවි කරන ලද පොලුවලින් ඕනෑම එකක්; අරය.
ගරායකුම
නා. භෝග හානි, වසංගත ආදි විපත් ද ඇස් වහ කටවහ ආදි දෝෂ ද දුරු කර ගැනීම පිණිස ගරායක් වෙස් ගත් නැට්ටුවන් විසින් පවත්වනු ලබන දේශීය නැටුම් විශේෂයක්.
ගරාවක් කරනවා
(කථා.) ක්‍රි. වී සුළඟට ඇල්ලීමෙන් සුද්ද කරනවා; වී සුළං කරනවා.
ගරිල්ලා
1. නා.ප්‍ර. කණ්ඩායම් වශයෙන් සංවිධානය වී සැඟවී සිටිමින් වරින්වර පහර දෙමින් කරනු ලබන අනියම් යුද්ධය.
2. නා.ප්‍ර. එබඳු සටන්වල යෙදෙන භටයා.
ගරු
1. වි. සැහැල්ලු නැති; බර.
2. වි. දිරවීමට අමාරු.
3. වි. මහත්; අධික.
4. වි. දුස්සාධ්‍ය.
5. වි. පහසුවෙන් අවබෝධ කළ නොහැකි; විසඳීමට අමාරු.
6. වි. බරපතළ; බරෑරුම්.
7. වි. උඩඟු; ආඩම්බර.
8. වි. ගෞරව සහිත; උතුම්; ශ්‍රේෂ්ඨ.
9. වි. බුරුලක් නැති; තද; අනම්‍ය.
10. වි. මිලයෙන් වැඩි; අගනා; වටිනා.
11. (නව.) වි. කරන සේවයට වැටුපක් නොගන්නා; පඩියක් නොලබන.
1. නා.ප්‍ර. බර දේ; බර ඇති වස්තු.
2. නා.ප්‍ර. ගෞරවය; බුහුමන; හරසර; උතුම්බව.
3. නා.ප්‍ර. ආඩම්බර; අභිමාන; ගර්ව.
4. නා.ප්‍ර. ගුරුවරයා; ආචාර්යවරයා; ඇදුරා; ඇජරා.
5. නා.ප්‍ර. මවුපිය; දෙගුරුහු.
ගරු ඇවත
නා. (විනය) භික්ෂුවකට සිදු වන ඇවැත් අතුරෙන් කවර හෝ බරපතළ ආපත්තියක්; සංඝාදිසේස දහතුනින් හෝ පාරාජිකා හතරෙන් එකක්.
ගරු කර්මය
1. (අභි.) නා. වෙන කිසිම කර්මයකින් විපාක දීම වැළැක්වීමට නොහැකි කුශල හෝ අකුශල කර්මය; ඊළඟ භවයෙහි විපාක නොදී නොනවතින කර්මය; ගරුක කර්මය.
2. නා. උසස් ක්‍රියාව; උතුම් ක්‍රියාව; ශ්‍රේෂ්ඨ කාර්යය; වැදගත් කටයුත්ත.
ගරුක
1. වි. සැහැල්ලු නැති; බර.
2. වි. අමාරු; දුෂ්කර.
3. වි. බරපතළ; බරෑරුම්; භාරදූර.
4. වි. අභිලාෂවත්; ගිජු.
5. වි. සැලකිල්ල දක්වන; උසස් කොට තකන; ගරු කරන.
ගරුකය
1. නා. ගරුකර්මය.
2. නා. සැලකිල්ල; ගරුත්වය; ගෞරවය.
3. නා. ගුර; ගුරු අකුර; දීර්ඝාක්ෂර.
ගරුකයා
නා. ගෞරව දක්වන්නා; (යමක් කෙරෙහි) සැලැකිල්ල දක්වන තැනැත්තා; උනන්දුව දක්වන්නා.
ගරුකාපත්තිය
නා. (විනය.) ඉතා බරපතළ ඇවත; සංඝාදිසේස හෝ පාරාජික ආපත්තිය.
ගරුකාර මදය
නා. තමා වෙනත් අයට වඩා උසස් යන හැඟීම නිසා පුද්ගලයකුට ඇති වන මානය; අන්‍යයන් පහත් කොට තමන් උසස් කොට සලකන අධිමානය.