සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 668
ජලාවර්තන චක්‍රය
(පාරිභා.) පෘථිවියේ ජලය වාෂ්ප, හිම, වැසි ආදි වෙනස් තත්ත්වවලට පත් වෙමින් නැවත නැවතත් කලින් තිබුණු තත්ත්වයටම පත් වීමේ ක්‍රියා දාමය (=hydrologic cycle).
ජලාවර්තනය
නා. ජලයේ උත්තේජකයට ප්‍රතිචාරය දැක්වීම; (වෘක්ෂලතාදියෙහි මුල්, අතු ආදි අවයව) ජලය දෙසට හෝ ඉන් බැහැරට ඇදී යෑම.
ජලාවර්තය
ජලාවශෝෂණය
[ජල + අවශෝෂණය]
(පාරිභා.) නා. (ශාක, කොළ; මුල් ආදියෙන්) දිය උරාගැනීම; වීම ජලය අවශෝෂණය (=water absorption).
ජලාවාටය
ජලාශය
නා. (වැව් පොකුණු ආදි) වතුර රඳා තිබෙන විශාල ප්‍රදේශය; ජලය රැස් කරන ටැංකි ආදි දෑ.
ජලාශ්‍රිත
ජලිස්
නා.ප්‍ර. දිගටත් හරහටත් ලී පටි ගසා කරන ආවරණය; ගරාදිය.
ජලීය
1. වි. ජලය වැනි; ද්රවාකාර.
2. වි. වතුර අඩංගු; ජලය සහිත; දිය බහුල.
3. වි. ජලයෙහි හටගත්; ජලජ.
4. වි. දියෙහි හැසිරෙන; ජලචර.
ජලීයරස
(පාරිභා.) නා.ප්‍ර. පෘෂ්ඨවංශිකයන්ගේ ඇසෙහි කාචයත් දෘෂ්ටිවිතානයත් අතර අවකාශයෙහි පිහිටි ජලය වැනි ද්‍රව කොටස (=aqueous vapour).
ජලූකයා
නා. දිය කූඩැල්ලා; පූඩලුවා.
ජලෝගිය
නා. නොපැසුණු රා; මද්‍ය භාවයට නොපැමිණි සුරාව; මීරා.
ජලෝඝය
ජලෝද්ගමනය
[ජල + උද්ගමනය]
(පාරිභා.) නා. (ශාකයක) දිය උඩට ඇදී යෑම; ජලය ඉහළට යෑම (=ascent of water).
ජලෝද්භිදය
[ජල + උද්භිදය]
නා. ජලයෙහි වැඩෙන ශාකය; ජලශාකය.
ජව බලය
නා. දිවීමේ වේගය; වේග ශක්තිය; ධාවන ශක්තිය.
ජව සුළඟ
නා. හදිසියේ ඇති වී සුළු වේලාවකින් නැවතෙන ප්රචණ්ඩ සුළඟ.
ජවදූත සේවය
නා. ඉතා විශ්වසනීය හා ආරක්ෂාකාරී ලෙස ඉතා ඉක්මනින් භාණ්ඩ තැපැල් කිරීමේ ක්‍රමයක් (=courier service).
ජවන
වි. වේගයෙන් ගමන් කරන හෝ දුවන; ශීඝ්‍රගාමී.
ජවන ඉසව්ව
1. නා. (කිසියම්) දිවීමේ තරගයක් සඳහා නියමිත දුර ප්‍රමාණය.
2. නා. දිවීමේ තරගයක තරංග අංකය.
ජවන චිත්තය
නා. (අභි.) චිත්ත වීථියක යෙදෙන අරමුණ දැන ගැනීමේ හා ඒ ඒ ක්‍රියා සිදු කිරීමේ අධික වේගය ඇති සිත; ජවන්සිත.
ජවන ප්‍රඥාව
නා. යුහුසුලු ව ක්‍රියා කරන ඥාණය; වේගවත් නුවණ.
ජවන වේගය
නා. දුවන්නා වූ වේගය; දිවයන වේගය; ජවය.
ජවනය
1. නා. වේගයෙන් ගමන් කිරීම හෝ දිවීම; ශීඝ්රගාමිත්වය.
2. නා. ජවන චිත්තය.