සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 670
ජ්‍යේෂ්ඨයා
1. නා. මූලිකයා; ප්‍රමුඛයා; නායකයා; ප්‍රධානයා.
2. නා. වයසින් වැඩි වූ තැනැත්තා; වැඩිමහල්; වැඩිහිටියා.
ජ්‍යෝත්ස්නා
නා.ප්‍ර. සඳ එළිය; චන්ද්රකාන්තිය.
ජ්‍යෝති
නා.ප්‍ර. කාන්තිය; ශෝභාව; ආලෝකය.
ජ්‍යෝතිර් විද්‍යාව
නා. (චන්ද්‍ර සූර්ය ආදි) ග්‍රහ වස්තූන්ගේ පිහිටීම (විශේෂයෙන්) මිනිස් ජීවිත කෙරෙහි බලපාන හැටි උගන්වන ශාස්ත්‍රය; ජ්‍යෝතිෂය.
ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා
නා. ජ්‍යෝතිෂය උගත් තැනැත්තා; නක්ෂත්රකාරයා; දෛවඥයා.
ජ්‍යෝතිශ්ශාස්ත්‍රය
නා. නක්ෂත්රය; හෝරා ශාස්ත්‍රය; ජෝතිර්විද්‍යාව.
ජා
1. නා.ප්‍ර. ජාතක කථාව; ජාතකය; දාව.
2. නා.ප්‍ර. බිරිය; භාර්යාව; ජායාව.
3. නා.ප්‍ර. මැලේ ජාතිය.
ජාං බේරාගන්නවා
(කථා.) ක්‍රි. කිසියම් කාර්යයක් කිරීමට ගොස් අමාරුවේ නොවැටී බේරෙනවා.
ජාංගල
1. වි. ජලය හිඟ; නිර්වාරි.
2. වි. කැලෑ; කැලෑබද.
1. නා.ප්‍ර. වියලි බිම; මුඩු බිම; නිර්වාරි ස්ථානය.
2. නා.ප්‍ර. වන පෙදෙස; කැලෑව; අරණ්‍යය.
3. නා.ප්‍ර. වන සතුන්ගේ මාංසය; දඩමස.
4. නා.ප්‍ර. වලිකුකුළා.
ජාකොටුව
නා. මසුන් කොටු කර අල්ලා ගැනීමට දියෙහි ලී සිටුවා බඳින කොටුව.
ජාගර
වි. අවදි ව සිටින; නොනිඳා සිටින; නිදි වරන.
ජාගරණය
1. නා. අවදි ව සිටීම; නිදි වැරීම.
2. නා. සිහි එළවා විසීම.
ජාඩ්යය
1. නා. සිසිල් බව; ශීතල ස්වභාවය.
2. නා. නොදන්නාකම; මෝඩකම; ජඩ භාවය.
ජාඩි
නා.ප්‍ර. ගොරක, ලුණු ආදිය මිශ්‍ර කොට බරණිවල දමා කල් තබා ගැනීමට සැකසූ මාළු (මත්ස්‍ය මාංස).
ජාත
වි. උපන්; හටගත් පහළ වූ.
1. නා.ප්‍ර. ඉපදීම; ජන්මය; සම්භවය.
2. නා.ප්‍ර. සමූහය. රාශිය.
ජාත කර්මය
නා. දරුවකු උපන් මොහොතෙහි සිදු කරන මංගල චාරිත්‍ර විධිය.
ජාතක
වි. ඉපිද වූ; පිළිසිඳ ගත්.
1. නා.ප්‍ර. උපත; ජන්මලාභ.
2. නා.ප්‍ර. බෝසතුන්ගේ අතීත උත්පත්ති දැක්වෙන කථා.
ජාතක දරුවා
නා. නීති ප්‍රකාර විවාහ වූ දෙමාපියනට උපන් දරුවා; පිය උරුමයට හිමි දරුවා.
ජාතක පොත
නා. බෝධිසත්ත්ව චරිත කථා ඇතුළත් සිංහල ග්‍රන්ථය; පන්සිය පනස් ජාතක පොත.
ජාතකකථා
නා.ප්‍ර. බෝසතුන්ගේ චරිත කථාව; බෝසත් සිරිත.
ජාතකභාණක
නා.ප්‍ර. ජාතක පාළිය වනපොත් කළ තැනැත්තා; ජාතකකථා දේශනා කරන්නා.
ජාතභූමිය
නා. උපන් බිම; මවුබිම; ජන්ම භූමිය.
ජාතරූප
1. නා.ප්‍ර. අමු රන්; රත්රන්; ස්වර්ණ.
2. නා.ප්‍ර. රිදී; රජත; උපතින් ම ලත් රූපාකාරය.
ජාතවේද
1. නා. ගින්න; ගින්දර; අග්නිය.
2. නා. ගිනි දෙවියා.
3. නා. රත්රන්.