සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 991
පන්දම් පාලිය
නා. සිංහල නාට්‍ය කලාවේ සන්නියකුමේ එන දහඅට පාලියෙන් එකක්.
පන්දම්කාරයා
1. නා. ආගමික පෙරහරවල පන්දම් රැගෙන යන්නා ; විලක්කුකාරයා.
2. (රූඪි.) වාසි තකා බලවත් අයට ගැතිකම් කරන්නා.
පන්දල
නා. විශේෂයෙන් යාතුකර්ම කටයුතුවල දී ආතුරයා වෙනුවෙන් කොළ අතු සෙවිලි කොට සාදා ගැනෙන තාවකාලික කුඩා ගෙය.
පන්දලම
නා. බුලත්, පතෝල වැනි වැල් යැවීම සඳහා සාදනු ලබන මැස්ස.
පන්දු කෙළිනවා
ක්‍රි. පන්දුවක් උපයෝගී කරමින් දෙ පිලට බෙදී ක්‍රීඩා කරනවා ; පන්දු ගසනවා.
පන්දුව
නා. බෝලය ; ගෝලාකාර දෙය ; කන්දුකය.
පන්න
1. නා.ප්‍ර. මසුන් මැරීම, කෘෂිකර්මය ආදි රැකියා සඳහා අවශ්‍ය කරන ආම්පන්න.
2. රැකියාව ; ජීවනෝපාය ; අතේ හුරුවෙන් කරනු ලබන කර්මාන්තය.
3. පිළිවෙළ ; ආකාරය ; ලීලාව ; විලාසිතාව ; මෝස්තරය.
පන්නනවා
1. ක්‍රි. එළවනවා ; ලුහුබඳිනවා ; පළවා හරිනවා.
2. අත්හරිනවා ; පිළිවෙළ සිඳිනවා ; මග හරිනවා.
3. හොරෙන් ගෙන යනවා ; නොදැනුවත්ව පිට කරනවා ; රහසේ ඉවත් කරනවා.
පන්නම්
[පන් + කම්]
නා.ප්‍ර. පන්වලින් පැදුරු, පෙට්ටි, මලු ආදිය වියන කර්මාන්තය ; පන් විවීම.
පන්නරය
1. නා. ආයුධයක මුවහත.
2. ලෝහයේ තද ගතිය ; දැඩි ගතිය.
පන්ලිය
නා. පැණි වැනි දෑ එකතු කිරීමට ගන්නා ලබු කැටය.
පන්සර
නා.ප්‍ර. ශර හෙවත් ඊ පසක් ආයුධ කොටගත් දෙවියා වන අනංගයා ; කාමදේවයා.
පන්සල
1. නා. බෞද්ධ විහාරස්ථානය ; දාගබ, බෝධිය, බුදුමැදුර, ආවාස ගෘහය ආදි අංග සහිත ශුද්ධ භූමිය.
2. වහළෙහි කොළ හොයා සාදා ගැනුණු කුටිය.
3. භික්ෂුන්, තවුසන් හා යෝගාවචරයන් වසන ආරාමය.
පන්සාළිස
නා. සතළිස් පහ.
පන්සිකා
නා. කොණ්ඩ පහක් ඇති දිව්‍යපුත්‍රයා ; ශක්‍ර දේවේන්ද්රයාගේ වීණා වාදක දිව්‍යපුත්‍රයා ; පඤ්චශිඛ ; පන්සිළු.
පන්සිල්
1. නා.ප්‍ර. ගිහි බෞද්ධයන් විසින් අඩුම වශයෙන් ආරක්ෂා කළ යුතු සිල් පහ ; ප්‍රාණඝාතය, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, සුරාපානය යන පස් පවින් වැළකීම යන - පංච ශීලය.
2. ශික්ෂාපද පහ ආරක්ෂා කරන ශිලය.
පන්හිඳ
නා. පුස්කොළ, තඹපත් ආදියේ ලිවීම සඳහා ලෝහයකින් තනා ගන්නා ලද තියුණු තුඩක් සහිත උපකරණය.
පනා
1. නා.ප්‍ර. පනස වෘක්ෂය ; කොස්ගස.
2. කොස්, දෙල් ආදි ගස්වල පිරිමි මල්.
3. බෙර විශේෂයක්.
4. හිස පීරිමේ උපකරණ.
පනික්කයා
නා. කොණ්ඩා සහ රැවුල් කපන්නා.
පනිට්ටුව
නා. ජලය ගැනීම සඳහා පාවිච්චි කොක්කක් සහිත ලෝහමය භාජනය.
පනිනවා
ක්‍රි. සිටි තැනින් එකවර උඩට නැගී වෙන තැනක පා පතිත වන්නට සලස්වනවා ; පිම්මෙන් ඉදිරියට යනවා ; උත්සාහ වෙනවා.
පනීත
වි. මිහිරි ; රසවත් ; ප්‍රණීත.
පනේලය
නා. දොර, ජනෙල්, කවුළු ආදියේ පියන් පත්වල රාමු බේරා සාදන කොටස.
පඳුර
නා. එකම මුලින් හෝ ළඟ ළඟ පිහිටි මුල් පද්ධතියෙන් හෝ පැන නැගුණු මිටි ශාක සමූහය ; වඩා උසට නොගොස් මුලින් ආ අතු සමූහයකින් යුත් ගස.