අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 278
ලලනාව
නා. කාන්තාව (පා. සං. ලලනා)
ලලාට
නා.ප්‍ර. නළල (පා. සං. ලලාට)
ලලාටාස්ථිය
නා. නළල් ඇටය
ලලිත
වි. රමණීය (පා. සං. ලලිත)
ලවණ
නා. ලුණු (පා. සං. ලවණ)
ලවන
1. නා. තොල 2. සිඳීම; කැපීම (පා. සං. ලවන)
ලවනත
නා. තොල; අධරය
ලවන්
නා.ප්‍ර. තණ ආදි වල් පැළෑටි
ලවය
නා. භාග සංඛ්‍යාවක ඉරට උඩින් ඇති සංඛ්‍යාව/ ස්වල්පය/ කැපීම; නෙළීම
ලස
නා. සලකුණ; ලාංඡන (පා. ලඤ්ච) වි. ශීඝ්‍ර නොවන/ බබළන (සං. ලස)
ලස්සන
වි. රූපසම්පන්න; සිත්කලු; අලංකාර
ලහිලහියේ
ක්‍රි.වි. ඉක්මනින්; වහවහා
ලාංකික
වි. ලංකාවට අයත්
ලාංකේය
වි. ලාංකික
ලාංඡනය
නා. සලකුණ/ මුද්‍රාව (සං. ලාඤ්ඡන)
ලාකඩ
නා.ප්‍ර. ලාක්ෂා; ලතු
ලාක්ෂණික
වි. ලක්ෂණයෙන් යුත්; ආවේණික වූ (සං. ලාක්ෂණික)
ලාක්ෂා
නා.ප්‍ර. ලාකඩ (සං. ලාක්ෂා)
ලාඝව
නා.ප්‍ර. සැහැල්ලු බව (සං. ලාඝව)
ලාටු
නා.ප්‍ර. ඇලෙනසුලු ද්‍රවය
ලාඩම
නා. අශ්ව, ගව ආදීන්ගේ කුර ගෙවීම වැළැක්වීම සඳහා සවිකරන යකඩ පතුරු විශේෂයක් (දෙ. இலாடம்)
ලාදුරු
නා.ප්‍ර. බෝවන රෝගයක නාමය (පුර්. lazaro)
ලාභය
නා. ලැබීම/ යමක් විකිණීමෙන් ගෙවූ මුදලට වඩා ලැබෙන මුදල (පා. සං. ලාභ)
ලාභාංශය
නා. ව්‍යාපාරයක ලාභයෙන් එහි කොටස්කරුවන්ට ගෙවනු ලබන කොටස