අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 306
වියළනවා
ක්‍රි. තෙත ගතිය ඉවත් කිරීමට සලස්වනවා; වේළනවා
වියළි
වි. වියළුණු; ශුෂ්ක වූ
වියෝජනය
නා. වෙන්වීම; බිඳී යෑම (සං. වියොජන)
වියෝලය
නා. වයලීනය වැනි සංගීත භාණ්ඩයක්; රවිකිඤ්ඤය (පුර්. viol)
විරංජනය
නා. වර්ණවත් ද්‍රව්‍යයක වර්ණය ඔක්සිකරණය හෝ ඔක්සිහරණය හෝ මඟින් ඉවත් කර සුදු කිරීම (සං. විරඤ්ජන)
විරමණය
නා. වෙන් වීම; දුරු කිරීම; වැළකීම (සං. විරමණ පා. වෙරමණි)
විරල
වි. බහුල නොවූ (පා. විරල, විරළ සං. විරල)
විරලනය
නා. වායුව ඉවත් කිරීම
විරහිණිය
නා. විරහ ශෝකයෙන් පෙළෙන ස්ත්‍රිය (සං. විරහිණි)
විරිදු
නා.ප්‍ර. රබන් වයමින් ගයන ගී විශේෂයක්/ ස්තුති වචනය (සං. විරුද)
විරුද්ධ
වි. පක්ෂ නොවන; පටහැණි (පා. සං. විරුද්ධ)
විරුදාවලිය
නා. ස්තුති ගීතිකා සමූහය/ ගෞරව නාමය (සං. විරුදාවලි)
විරූඪ
වි. හට ගත්; වැඩුණු නා.ප්‍ර. සතරවරම් දෙවිවරුන්ගෙන් එක් දෙවියකුගේ නාමය (සං. විරූඪ)
විරූපණය
නා. දියුණුවීම; වැඩීම (සං. විරොපණ)
විරූපාක්ෂ
නා.ප්‍ර. සතරවරම් දෙවිවරුන්ගෙන් එක් දෙවිවරයකුගේ නාමය/ පෙරදිගින් පොළොව දරා සිටිතැයි විශ්වාස කරන හස්තියා (සං. විරූපාක්ෂ)
විරේචනය
නා. මල ආදිය බැහැර කිරීම (සං. විරෙචන)
විරෝධය
නා. අනුකූල නොවීම (පා. විරොධ)
විල
නා. ඉබේ හටගත් ජලාශය (පා. සං. විල)
විලංගු
නා. අත් පා ආදිය හිර වන සේ දමන මාංචුව (දෙ. விலங்கு)
විලක්කුව
නා. ආලෝකය ලබා ගැනීම සඳහා ලීයක රෙදි වැරලි ඔතා තෙල් දමා දල්වා ගන්නා පන්දම (දෙ. விளக்கு)
විලඳ
නා.බහු. පොරි
විලම්බනය
නා. පහත හෙළීම; අත්හිටුවීම (සං. විලම්බන)
විලම්බිත
වි. කල් දැමූ; අතපසු කළ/ අලස (සං. විලම්බිත)