සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 606
ගෙමිදුල
නා. නිවසට අයත් මිදුල; ගෘහාංගණය.
ගෙය
1. නා.ප්‍ර.ගේ හාත්පස ආවරණය කොට සෙවිලි කළ වහල ඇති ව තැනූ ගොඩනැගිල්ල; ගෘහය; නිවස.
2. නා.ප්‍ර.ගේ ගෘහණිය; ස්වාමිදුව.
3. නා.ප්‍ර.ගේ යුගල; බාන.
ගෙය්‍යය
නා. ගායනා කළ යුත්ත; බුදුරදුන් විසින් දේශනා කරන ලද ගාථා සහිත සූත්‍ර ධර්මය.
ගෙරි
1. වි. හරකුන් පිළිබඳ.
2. (කථා.) වි. නීච; පහත්.
1. නා.ප්‍ර. හරකා.
2. නා.ප්‍ර. තරමක් විශාල කළුවන් කුහුඹු විශේෂයක්.
ගෙරිකුණ
1. නා. ගවයකුගේ මෘත ශරීරය.
2. (කථා.) (රූඪි.) නා. පිළිකුල් සහගත දෙය; අකමැති දෙය.
ගෙල
නා. බෙල්ල; ග්රීවය; කණ්ඨය.
ගෙල පටිය
(පාරිභා.) නා. ඇඳුමක කරවටා මසන පටිය; කරපටිය (=neck band).
ගෙලරැව්
1. නා.ප්‍ර. පරෙවි, කෝකිල, ඇටිකුකුළු ආදි ඇතැම් කුරුල්ලන්ගේ උගුරෙන් නික්මෙන රාවය; කණ්ඨ රාවය.
2. නා.ප්‍ර. සතුට නිසා බොහෝ විට කාන්තාවන් හෝ ළදරුවන් උගුරෙන් නිකුත් කරන රාවය.
ගෙලෙමිණි
නා.ප්‍ර. ගෙලෙහි මැණික; කණ්ඨ මාණික්‍යය.
ගෙවඩනවා
ක්‍රි. (නැකතට) වගා බිමක වැඩ අරඹනවා; සී සානවා; බිම සකසනවා.
ගෙවත්ත
නා. ගෙය ආශ්රිත වගා කළ බිම; විවිධ භෝග වර්ග වවන ලද නිවස පිහිටි ඉඩම.
ගෙවතුපණම්
නා.ප්‍ර. පැරණි යුගයේ බදු විශේෂයක්; ගෙවත්තකින් අය කළ බද්ද.
ගෙවතුභෝග
නා.ප්‍ර. ගෘහාශ්‍රිත ව වගා කළ හැකි ආහාර පිණිස ප්‍රයෝජනවත් වන ශාක.
ගෙවදිනවා
1. ක්‍රි. අභිනවයෙන් තැනූ ගොඩනැගිල්ලක වාසය අරඹනවා; පදිංචිය පිණිස අලුත් නිවසකට චාරිත්‍රානුකූල ව ඇතුළු වෙනවා.
2. ක්‍රි. පෙරහැර චාරිත්‍රානුකූලව අවසන්කොට ඇතුළුවෙනවා.
ගෙවනවා
1. ක්‍රි. ද්‍රව්‍ය එකිනෙක ගැටීමෙන් අනුක්රමයෙන් ක්ෂය කරනවා; ගැටීමෙන් ටිකෙන් ටික අඩු වීමට සලස්වනවා.
2. ක්‍රි. කාලය ගත කරනවා.
3. ක්‍රි. මාර්ගය පසු කරනවා.
4. ක්‍රි. ආයුෂ, දුක, සැප ආදිය ක්‍රමයෙන් හීන කරනවා.
5. ක්‍රි. දිය යුතු මිල මුදල් හිමිකරනවා; දීමට බැඳී සිටින දෙයක් දෙනවා.
ගෙවලං මල්ල
නා. නව ගොඩනැගිල්ලකට ගෙවදින අවස්ථාවේ එහි මුදුන් යටලීයේ එල්ලනු ලබන සහල්, දුරු, මිරිස් ආදියත් කැවුම්, කිරිබත් වැනි නොඉඳුල් ආහාරත් දමා කට බැඳ සකස් කර ගත් මල්ල හෝ මුට්ටිය.
ගෙවලයා
1. නා. වස්තු තණ්හාවෙන් මියගොස් තමන්ගේ ම ගෙයි යක්ෂයකු වී උපදින තැනැත්තා.
2. (රූඪි.) නා. මසුරු තැනැත්තා; ලෝබයා.
ගෙවිලිය
1. නා. ගොවිතැන් කිරීමට ගොවියාට උපකාර වන ස්ත්‍රිය; ගොවියාගේ භාර්යාව.
2. නා. ගොවිතැනෙහි නියුතු කාන්තාව.
3. නා. සතුන් රැකබලා ගන්නා ස්ත්‍රිය; ගෝපිකාව.
ගෙවුම් ශේෂය
නා. රටක් නිශ්චිත කාලයක් තුළ විදේශයන් සමඟ කරන සියලු ආර්ථික ගනුදෙනු පිළිබඳ සටහන; ගෙවුම් තුලාව.
ගෙහිමියා
1. නා. ගෙයි අයිතිකරුවා; ගෘහ ස්වාමියා.
2. නා. ස්වාමිපුරුෂයා.
ගෙළිය
(කථා.) නා. කතා කළ නොහැකි ස්ත්‍රිය; ගොළු ලිය; ගොළුවා යන්නෙහි ස්ත්‍රීලිංග රූපය.
ගේට්ටුව
1. නා. තාප්ප, වැටවල් ආදියෙන් වටවූ යම් ස්ථානයකට ඇතුළු වන්නට හෝ එවැනි තැනකින් පිට වන්නට පිහිටි දොරටුව; නගරයකට ඇතුළු වන දොරටුව; බිහිදොර; බහිර්ද්වාරය.
2. නා. දොර කපොලු වසනු සඳහා යොදන දොර; පියන.
ගේඩරය
නා. මහබර දරා සිටීම සඳහා ගොඩනැගිලි පාලම් ආදියේ යොදා ඇති යකඩ හෝ වානේ බාල්කය.
ගේධය
නා. ගිජුබව; ලොල්බව; තෘෂ්ණාව.