අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 57
උදාර
වි. ශ්‍රේෂ්ඨ; උසස් (පා. සං. උදාර)
උදාසීන
වි. අලස; කුසීත (පා. උදාසීන)
උදාහරණය
නා. නිදර්ශනය (පා. සං. උදාහරණ)
උදැල්ල
නා. පොළොව පිරිසිදු කිරීමට හෝ හෑරීමට හෝ වෙනත් එවන් කටයුත්තකට හෝ යොදාගත හැකි පැතලි තලයක් හා මිටක් සහිත උපකරණයක් (පා. සං. කුද්දාලක)
උදිත
වි. උදා වූ; හටගත්/ සමෘද්ධ වූ/ උතුම්/ කියන ලද (සං. උදිත)
උදිතෝදිත
වි. ඉතා උසස්; සමෘද්ධ වූ
උදීරණය
නා. පිට කිරීම; බැහැර කිරීම/ ප්‍රකාශ කිරීම (සං. උදීරණ)
උදුන
නා. ළිප; ඌෂ්මකය (පා. උද්ධන සං. උද්ධාන)
උදුල
වි. බබළන; දීප්තිමත් (පා. උජ්ජල සං. උජ්ජවල)
උදුළ
වි. උදුරන ලද; ඉවත් කළ (පා. උද්ධට)
උනනවා
ක්‍රි. ලිහනවා; මුදනවා/ වෑහෙනවා; ගලා එනවා (සං. උන්නති පා. උන්නමති)
උනන්දුව
නා. උද්යෝගය; උත්සාහය
උන්නත
වි. උඩට ඉස්සුණි/ උසස්; උතුම්/ උඩඟ; ආඩම්බර (පා. සං. උන්නත)
උන්නතාංශය
නා. මුහුදු මට්ටමේ සිට ඇති උස ප්‍රමාණය
උන්නතිය
නා. දියුණුව; වර්ධනය; නැඟීම (පා. සං. උන්නති)
උන්මත්තකාගාරය
නා. උමතු අය නතර කර සිටින නිවාසය
උන්මාදය
නා. උමතුව; සිහි විකල් බව (සං. උන්මාද)
උන්මීලනය
නා. ඇස් විවෘත වීම; ඇස් ඇරීම (සං. උන්මීලන)
උන්මුඛ
වි. උඩුකුරු කළ මුව ඇති
උන්මූලනය
නා. මූලෝත්පාටනය; සහමුලින් වඳ කිරීම (සං. උන්මූලන)
උනු
වි. අඩු; ඌන (පා. සං. ඌන)
උනුන්
සර්වනා. ඔවුනොවුන්; එකිනෙකා
උනුලොම්
නා.ප්‍ර. ඌර්ණ රෝම ධාතුව (සං. ඌර්ණ+රොම)
උඳුගොව්වා
නා. හිස කෙස් මූලයට හානි කරන ක්ෂුද්‍ර ප්‍රාණියෙක් (සං. ඉන්ද්රගොප)