බුද්ධදත්ත පාලි අකාරාදිය – 607

ව්‍යග්ග

3. කලබලයට පත්.

ව්‍යග්ඝ

පු. ව්‍යාඝ්‍රයා.

ව්‍යග්ඝීනස

පු. උකුස්සා.

ව්‍යඤ්ජන

න. අකුර; ලකුණ; වැඤ්ජනය; වේශය.

ව්‍යඤ්ජයති

(වි+අඤ්ජ+අ) ප්‍රකාශ කරයි.

ව්‍යඤ්ජිත

3. ප්‍රකාශ කළ; ලකුණු කළ.

ව්‍යත්ත

3. ඉතා පුහුණු වූ; දක්ෂ වූ; ව්‍යක්ත වූ.

ව්‍යත්තතර

3. අති දක්ෂ; වඩා ව්‍යක්ත වූ.

ව්‍යත්තතා

ඉ. උගත් බව; දක්ෂ බව; ව්‍යක්ත බව.

ව්‍යතිරෙක

පු. ඉතිරි දෙය; වැඩි දෙය.

ව්‍යථති

(ව්‍යථ+අ) මඩියි; මැඩ පවත්වයි.

ව්‍යථිත

3. මඩින ලද; මැඩුණු; වෙහෙසට පත්.

ව්‍යන්තීකත

3. අවසන් කළ.

ව්‍යන්තීකරොති

(වි+අන්තී+කරොති) අවසන් කරයි.

ව්‍යන්තීභවති

(වි+අන්තී+භවති) අවසන් වේ; විනාශ වේ.

ව්‍යන්තීභාව

පු. විනාශය.

ව්‍යන්තීභූත

3. විනාශ වූ.

ව්‍යපගච්ඡති

(වි+අප+ගමු+අ) පහව යේ.

ව්‍යපගත

3. පහව ගිය.

ව්‍යපගන්ත්වා

පූ.ක්‍රි. ඉවත් වී; පහ වී.

ව්‍යපගමන

න. පහව යාම.

ව්‍යපගම්ම

පූ.ක්‍රි. ඉවත් වී; පහ වී.

ව්‍යපනුජ්ජ

පූ.ක්‍රි. දුරු කොට.

ව්‍යපනුදති

(වි+අප+නුද+අ) ඉවත් කරයි; දුරු කරයි.

ව්‍යපනුදන

න. දුරු කිරීම.

ව්‍යපනුදන්ත

3. දුරු කරන; දුරු කරමින්.

ව්‍යපනුදිත්වා

පූ.ක්‍රි. දුරු කොට.

ව්‍යම්හ

න. විමානය.

ව්‍යය

පු. ගෙවී යාම; විනාශය; වියදම.

ව්‍යසන

න. විනාශය; විපත.

ව්‍යාකත

3. කියන ලද; නියමිත; ප්‍රකාශ කළ; විසඳූ.

ව්‍යාකරණ

න. උත්තර දීම; කලින් කීම; ප්‍රකාශ කිරීම; විස්තරය; ශබ්ද ශාස්ත්‍රය.

ව්‍යාකරිත්වා

පූ.ක්‍රි. ප්‍රකාශ කොට.

ව්‍යාකරියමාන

3. ප්‍රකාශ කරනු ලබන.

ව්‍යාකරොති

(වි+ආ+කර+ඔ) උත්තර දේ; කලින් කියයි; ප්‍රකාශ කරයි; විස්තර කරයි.

ව්‍යාකරොන්ත

3. ප්‍රකාශ කරන; ප්‍රකාශ කරමින්.

ව්‍යාකුල

3. අවුල් වූ; පැටලුණු.

ව්‍යාඛ්‍යාත

3. විස්තර කළ; සන්න ලියූ.

ව්‍යාධ

පු. දඩයක්කාරයා; වැද්දා.

ව්‍යාධි

පු. රෝගය.

ව්‍යාධිඝාතක

පු. ඇසළ ගස.

ව්‍යාධිත

3. රෝගියා; රෝගී වූ.

ව්‍යාපක

3. පතුරු වන.

ව්‍යාපජ්ජති

(වි+ආ+පද+ය) කෝපයට පත් වේ; වැරදී යයි; වැ‍රදේ; විපතට පත් වේ.

ව්‍යාපජ්ජනා

ඉ. කෝපවීම; වැරදීම; හිංසා කිරීම.

ව්‍යාපජ්ඣ

3. කරදර ඇති; හිංසා කරන; හිංසා සහිත.

ව්‍යාපන්න

3. කෝප වූ; නරක් වූ; නියම මග නොගිය; පෙරළී ගිය; විපතට පත්.

ව්‍යාපාද

පු. ද්‍රෝහී සිත; නපුරු අදහස.

ව්‍යාපාදෙති

(වි+ආ+පද+ණෙ) නරක් කරයි; බාධා කරයි; විපතට පමුණුවයි.

ව්‍යාපාර

පු. උත්සාහය; කටයුත්ත; ගනු දෙනුව.

ව්‍යාපාරිත

3. උත්සාහවත් කළ; යෙද වූ; ‍යොදවන ලද.

ව්‍යාපිත

3. පැතිර වූ; පැතුරුණු.

ව්‍යාපිතබ්බ

3. පැතිරිය යුතු.

ව්‍යාපිය

පූ.ක්‍රි. පතුරුවා.

ව්‍යාපී

3. පතුරුවන්නා.

ව්‍යාපෙතබ්බ

3. පැතිරවිය යුතු.

ව්‍යාපෙත්වා

පූ.ක්‍රි. පතුරුවා.

ව්‍යාපෙති

(වි+අප+ණෙ) පතුරුවයි.

ව්‍යාපෙතු

පු. පතුරුවන්නා.

ව්‍යාපෙතුං

නි. පතුරුවන්ට.

ව්‍යාපෙන්ත

3. පතුරුවන; පතුරුවමින්.

ව්‍යාබාධෙති

(වි+ආ+බාධ+ණෙ) බාධා කරයි; විපත් පමුණුවයි.

ව්‍යාභඞ්ගි

ඉ. කත් කෙළවර; කද.

ව්‍යාම

පු. බඹය; සතර රියන.

ව්‍යාවට

3. නියුත්ත; යෙදී සිටින; යෙදුණු.

ව්‍යාස

පු. පද වෙන් කිරීම; බෙදීම; වෙන් කිරීම.

ව්‍යාසත්ත

3. අතිශයෙන් ඇලුණු.

ව්‍යාසෙක

පු. ඉසීම; මිශ්‍ර කිරීම; විසුරු වීම.

ව්‍යාසෙචන

න. ඉසීම; මිශ්‍ර කිරීම; විසුරු වීම.

ව්‍යාහරති

(වි+ආ+හර+අ) කථා කරයි; කියයි.

ව්‍යූහ

පු. භට සේනාවන් නොහෙක් ආකාරයෙන් සිටුවීම; සමූහය.

ව්‍යූහති

(වි+ඌහ+අ) ඉවත් කරයි; විසුරුවා දමයි.

වා

නි. නොහොත්; හෝ.

වාක

න. කෙඳි; පට්ටා; වැහිරි.

වාකකරණ

න. කථා කිරීම.

වාකමය

3. පට්ටා වලින් තැනූ.

වාකරා

ඉ. මුවන් අල්වන දැල; වරදැල.

වාකවීර

න. පට්ටා කෙඳි වලින් වියූ වස්ත්‍රය.

වාක්‍ය

න. කීම; වාක්‍යය; වාසගම.

වාගූරික

පු. වරදැල් දමන වැද්දා.

වාචක

3. කියවන්නා.

වාචන

න. ඉගැන්වීම; කියවීම.

වාචනක

න. කියවීම.
3. කියවන.

වාචනා

ඉ. ඉගැන්වීම; කියවීම.

වාචනාමග්ග

පු. ඉගැන්වීමේ පිළිවෙළ; කට පාඩම් පිළිවෙළ.

වාචසික

3. වචනය පිළිබඳ.