පාලි සිංහල ශබ්දකෝෂය – Pali Sinhala Dictionary

පාලි වචනවල සිංහල අර්ථ: බුද්ධදත්ත හිමියන්ගේ පාලි-සිංහල අකාරාදිය, සුමඞ්ගල හිමියන්ගේ පාලි-සිංහල ශබ්දකෝෂය සහ Digital Pāḷi Dictionary (විභක්ති, ව්‍යාකරණ).

පාලි වචනයක් සිංහල අකුරෙන්, රෝම අකුරෙන් (dhamma) හෝ සිංග්ලිෂ් වලින් ලියන්න. ධම්මස්ස, buddhassa වැනි විභක්ති රූපයක් ලිවූ විටද Digital Pāḷi Dictionary ඇසුරෙන් එහි මූල වචනය සොයා, ශබ්දකෝෂ තුනේම අර්ථ සහ ව්‍යාකරණ පෙන්වයි. තේරුම් තුළ ඇති සිංහල වචනයකින්ද (උදා: අම්මා) පාලි වචන සෙවිය හැක.

අන්තර්ජාලය නැතිව භාවිතා කළ හැකි Android app එක Google Play වෙතින් ලබාගන්න (iPhone / iPad app එක ළඟදීම). මෙය pitaka.lk/dict හි තිබූ පාලි-සිංහල ශබ්දකෝෂයේ නව සංස්කරණයයි.

තායි, රෝම සහ වෙනත් අකුරු වලින් ඇති පාලි ලිපි සිංහලෙන් කියවන්න: පාලි අකුරු පරිවර්තකය.

පුණ්‍යානුමෝදනා

අප හා ස්වේච්ඡාවෙන් එකතු වූ කණ්ඩායම් සමහරක්: ගල්පොතුගොඩ ඤාණවංස ස්වාමින් වහන්සේ, උස්ගොඩ ධම්මගරු ස්වාමින් වහන්සේ, එච්. ඒ. අමරතුංග, දිල්රුක්ෂි වීරරත්න, වසන්තා කරුණාරත්න, චානක නානායක්කාර සහ එම කණ්ඩායම, ළහිරු මදුමාද, ලක්මී කුරුප්පු, අනුර ලක්මාල්, පණ්ඩුක බණ්ඩාර, තනූජ මාලිංබඩ.

බුද්ධදත්ත පාලි අකාරාදිය: පොල්වත්තේ බුද්ධදත්ත හිමි, පාලි-සිංහල අකාරාදිය (19003)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය: මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමි, පාලි-සිංහල ශබ්දකෝෂය (23124)

Digital Pāḷi Dictionary: Pali-English: grammar, inflections, construction, roots and meanings (89587)